IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තුවෙන්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන චීනය සඳහන් කර ඇත. 

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා හා චුනින්ග් ඒ බව ප්‍රකාශ කර තිබේ. 

විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශික හා චුනින්ග් මෙසේ ද සඳහන් කර ඇත.

   “ සාම්ප්‍රදායික මිත්‍රයෙක් වන ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව චීනය සමීපව බලා සිටිනවා. ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ අදාළ සියලු වත්මන් තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවර සහ ක්‍රමවේද සොයාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි ඒ පිළිබඳව විශ්වාසය තබමු”.

චීනය මීට පෙර ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්, දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවත් එරට පාර්ශව එය විසඳා ගනු ඇති බවත් සඳහන් කර තිබිණි. 

ඡායාරූප - චීන විදේශ කටයුතු අමාත්‍යාංශය

 

 



අදහස් (3)

ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තුවෙන්

gallage Friday, 16 November 2018 02:28 AM

චීනේ විතරක් මොකෝ අපිටත් එහෙම්මම තමා.

:       0       2

Nalaka Friday, 16 November 2018 05:10 AM

ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ සල්ලි පොම්ප කරලා අර්බුදය ඇතිකරලා දැන් මෙහෙම කියන්නේ මෙතරම් දුර යයි කියල හිතුවේ නැහැ නේද ?

:       39       26

Nuwan Friday, 16 November 2018 07:39 AM

අනේ පවු චීනේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site