
(බන්දුල ඉලේපෙරුම)
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන්නේය.
අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් කථානායකවරයාට භාරදීම අද පෙරවරුවේ කථානායක නිල කාමරයේදී සිදුවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගි විය.
මන්ත්‍රීවරයන්ට ලබාදීම සඳහා එම වාර්තාවේ පිටපත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව වෙත එවන ලෙස කථානායකවරයා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
එම පිටපත් ලැබීමෙන් පසු එම වාර්තාව ඉදිරියේදී සියලු මන්ත්‍රීවරයන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට ගමහරහා දුවලා පළවෙනි තෑග්ග ගත්තා වගේ. අඬන්න ඕනේ හරි නම් තාම ඕකට නඩුවක්වත් දාගන්න බැරිවෙච්ච එකට...
අවුරුදු දෙකක් ගිහිල්ලා... කමිටු පත් කරනවා, වාර්තා හදනවා. කාලේ කනවා. මුදල් ගෙවනවා. වැඩේ අද්දනවා. වේදනාව තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය පවුල් වල අයට. මේවා බල ලෝභියන්ගේ කුමන්ත්‍රණ වෙන්න ඇති...
අන්තිමට නටපු නාඩගමකුත් නැහැ.. බෙරේ පලු දෙකකුත් නැහැ.
මෙයාලට දීලා නම් වැඩක් නැහැ. දේශපාලුවන්නේ..