(යොහාන් භාසුර)

වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිරදඩුවම් විදිය රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එම රැඳවියන් අතර මරණ දඩුවම නියම  වූ 43 හැවිරිදි පුද්ගලයකු ද සිටින බවත් ඔහු විශිෂ්ට සම්මාන 4 ක සහ සම්මාන සාර්ථකයක් ලබාගෙන ඇති බවත් ඒකනායක මහතා කීය.

වසර 25 ක සිරදඩුවමක් විදින 52 හැවිරිදි රැදවියකු විෂයන් පහටම විශිෂ්ට සම්මාන ලබාගැනීම කැපී පෙණෙන බව කී ඒකනායක මහතා සෙසු රැඳවියන් දෙදෙනා ද විශිෂ්ට ලෙස සමත්ව ඇති බව ද සඳහන් කළේය.