IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නැවෙන් කාන්දුවන තෙල් එකතු කරන්න පේරාදෙණිය සරසවියෙන් නව නිර්මාණයක්

(චමිල් රූපසිංහ)

‘එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් කාන්දුවී මුහුදු ජලයට එකතු වන තෙල් සියල්ල එකතු කර ගැනීම සඳහා  ශ්‍රී ලංකාවේ මහචාර්යවරුන් තිදෙනකු උපරණයක් නිර්මාණයක්  කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල,මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ කුමාර හා නිදීශ ගුණවර්ධන පිරිස එක්ව දිගු කළක් තිස්සේ සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබෙන බවද මහාචාර්‍යවරයා කියයි.

බෝගල පතලේ විශේෂ මිනිරන් වර්ගයක් උපයෝගි කරගනිමින් මෙය නිර්මාණය කර ඇත

මිනිරන් ග්‍රෑම් එකකට තෙල් ග්‍රෑම් 120 ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය තවත් ද්‍රව්‍යය භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගන්නා බවත් මහාචාර්ය වරයා සඳහන් කරයි.

මේ  සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති බවද  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මූලික අධ්‍යයන ආයතනය  ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය,හා බෝගල පතල ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දුවී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍යය මෙට්ට විශේෂය සකස් කරන බවත් රට පත්ව තිබෙන අසීරුතාව සැලකිල්ලට ගෙන තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙන බවත් කි මහාචාරයවරයා මින්රන් වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගතහැකි බවද පැවසුවේය.

නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද අධ්‍යන්‍යය කරමින් සිටින බවත්.මුහුදු ජලයට එකතු වන ජලය එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරත්දී නැවෙන් තෙල් ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමරිකානු විශේෂඥවරයෙකුගේ සහයද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බවද මහචාර්‍ය වරයා සදහන් කළේය.

මෙම නැවේ විශාල වශයෙන් ඊයම් තිබී ඇති බවත් ඒවා ඉවත් කරගැනීම අතිශ්‍යය වැදගත් කාරනයක් බවත් මෙම නැවේ ඇති තෙල් ඉවත්කර ගැනීමට නොහැකි වුවහොත් ඉන් අති විශාල පරිසර හානියක් සිදුවන බවත් සදහන් කල රාජපක්ෂ මහතා  ඊයම් ටොන් එකක් ටොන් භාගයක් දක්වා ක්ෂය වීමට වසර 700 ක් ගතවන බවත් එය යළි අඩක් වීමට තවත් වසර 700 ක් ගතවන බවද සදහන්  කළේය.

මේවා ජලයට එකතු වීමෙන් සිදුවන හානිය පරම්පරා ගණනාවකට බලපාන බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.



අදහස් (3)

නැවෙන් කාන්දුවන තෙල් එකතු කරන්න පේරාදෙණිය සරසවියෙන් නව නිර්මාණයක්

Kodi Wednesday, 16 June 2021 12:58 PM

සොයාගැනීම් කළ සියළුම විද්වතුන්ට හා සහාය දැක්වූ සැමට පරිසරයට ආදරය කරන කෙනෙක් ලෙස උත්තමාචාරය පුද කරමි. නමුත් මේවා ප්‍රයෝජනයට ගැනීමට තරම් පාලකයන් සිටීදැයි සැක සහිතයි. මින් පෙර පිළිකාව සඳහා සොයාගත් ඖෂධයට කුමක් වීද?

:       0       77

Raveendra Wednesday, 16 June 2021 01:56 PM

ඔබලාගේ යහපත් නිර්මාණයෙන් ලංකාමාතාවට උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වේවා.. මේ සඳහා දායක වූ ඔබ සැමට යහපතක්ම වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. ලංකාමාතාවට තවතවත් සේවය කිරීමට ඔබ සැමට හැකි වේවා...!!!

:       0       118

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 June 2021 03:38 PM

දේශපාලඥයන් හා ඔවුන් පසුපස යන බුද්ධිමත් නොමැති උගතුන් විසින් වැනසු රට, සැබෑ බුද්ධිමත් උගතුන්ගේ නුවණින් යළි පණ ලැබීම සැබැවින්ම සතුටට කරුණකි. ඔබතුමන්ලාට ජාතියේ ප්‍රණාමය.නූගත් අනුවණ දේශපාලුවන් පස්සේ යන උගත් එහෙයියන්ට වඩා මේ සැබෑ උගතුන්ගේ වටිනාකම දැන් හෝ මේ රටේ අඳ ඡන්ද දායකයින්ට වැටහේවා.

:       0       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1218 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1198 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site