IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මානසික ආතතියෙන් මිදීමේ මඟ

කොවිඩ්-19 ගෝලීය වසංගතය අපේ දෛනික ජීවිතවලට කළ බලපෑමත් සමඟ ජනතාවගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක්ම පැණ නැගිණි. මානසික සෞඛ්‍යය ගැන කතිකාවත ඇරැඹීමත් සමඟම බොහෝ දෙනා ඒ ගැන උනන්දු වීමටද පටන් ගත්හ. 

 රටේ දැනට  හට ගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සහ අසන්නට ලැබෙන ව්විධ සිදුවීම් ඔස්සේ මේ හා බැඳුණු විවිධ අදහස් සහ සංවාද වරින්වර පැනනගින අයුරුද දකින්නට පුලුවන්. ඒ අතරින් වඩාත්ම සුලබව කතාබහට ලක්වන මෙන්ම වැදගත් මාතෘකාවක් වන මානසික ආතතිය පිළිබඳවයි මේ සටහන.

මානසික ආතතිය කියන්නේ

සරලව කිවහොත් මානසික ආතතිය (Stress) යනු යම්කිසි පීඩාකාරී තත්ත්වයකට අප දක්වන ප්‍රතිචාරයකි. අපට මුහුණදීමට සිදුවන විවිධ තත්ත්ව හෝ ජීවත්වීමේ දී අත්විඳීමට සිදුවන නොයෙකුත් ආකාරයේ සිදුවීම් නිසා මෙම තත්ත්වය ඇතිවන්නට පුලුවන්. බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවන අවස්ථාවලදී සහ තත්ත්වය තවදුරටත් තමන්ගේ පාලනයෙන් තොරව  හැඟෙන මොහොතක මෙලෙස පුද්ගලයෙකු ආතතියට පත් වීමට වැඩි ඉඩකඩක් පවතී.

ආතතියට මඟ කියන හේතු

ඒ අනුව සමීපතමයෙකුගේ මරණයකදී, තරග විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමේ දී, ආදර සබඳතාවක් බිඳවැටීමේ දී, රැකියාවේ ගැටලුවක දී හෝ එය අහිමි වූ අවස්ථාවක දී, අධික කාර්යබහුල තත්ත්වයක දී ඊට මුහුණ දෙන්නන් දක්වන ප්‍රතිචාරයද එකිනෙකට වෙනස්ය.   ඒ ප්‍රතිචාරවල විවිධත්වයට අපට ආරෙන් ලැබුණු ලක්ෂණ, මෙයට පෙර මුහුණදුන් ජීවන අත්දැකීම්, පෞරුෂය වැනි කාරණාද අදාල වේ. අභියෝගයට මුහුණදෙමින් එය ජයගන්නට හෝ තත්ත්වය යම් තරමකට හෝ දරාගන්නට මෙම ස්වභාවික ප්‍රතිචාරය යම් තරමකට පැවතීම ඇතැම්විට උපකාරී වුවත්, එය පමණ ඉක්මවා ගිය විට ඇතිවන්නේ හානිකර සහ අවාසිදායක තත්ත්වයකි.

ආතතිය සහ අවපීඩනය කියන්නේ දෙකක්

ඇතැම් අය මේ ආතතිය (Stress), මානසික අවපීඩනය (Depression) සහ වියෝ දුක ( Grief) එකක් ලෙස වැරදියට වටහාගෙන ඇත. මානසික අවපීඩනය (Depression) ලෙස හැඳින්වෙන්නේ නොපමාව ප්‍රතිකාර සහ උපකාර අවැසිම මානසික රෝගයකි., වියෝ දුක ( Grief) ලෙස හැඳින්වෙන්නේ තමන්ගේ ආදරණීයකුගේ වියෝව හෝ මාරාන්තික අසනීප තත්ත්වයක් පිළිබඳව දැනගැනීම හේතුවෙන් ඇතිවියහැකි ඉතාම ප්‍රබල ශෝකාකූල හැඟීම්බර තත්ත්වයකටයි.

ආතති කළමනාකරණය

ජීවිතයේ නොයෙක් අවස්ථාවල අප කරා එන ආතතිය, කලමණාකරණය කරගැනීමේ හැකියාව වැදගත් ජීවන නිපුනතාවක්. මේ සඳහා විවිධ ක්‍රමවේද භාවිත කළ හැකිය. හැකි උපරිමයෙන් ව්‍යායාම සහ ශාරීරික වශයෙන් ක්‍රියාශීලී ජීවන රටාවකට යොමුවීම, මුළුමනින්ම පාහේ අක්‍රියව නොසිට ඔබගේ ආතතියට හේතුවන ගැටලුවට කළ හැකි පිළියම් වෙත යොමු වීම සහ එහිදී  අන් අය නොව ඔබ සතුටුවන විසඳුම්වලට මූලිකත්වය ලබාදීම, විශ්වාසනීය සමීපතමයන් /මිතුරන්  ඇසුර, ඔබටම වෙන්වූ කාලයක් දෛනිකව ගතකිරීම සහ ඔබ මෙන්ම දුෂ්කර වකවානුවක් ගතකරන අන් අයට හැකිතාක් උදව් උපකාර කිරීමට යොමුවීමත් ඔබගේ ආතතිය යම් තරමකට සමනය කරගැනීමට උපකාරී වේ. හැකිතාක් ධනාත්මක ආකල්ප පවත්වා ගන්නා අතරේ, ඇතැම් දෑ අපගේ පාලනයෙන් තොරබව ඒ ආකාරයෙන් පිළිගැනීමත් කළ යුතු වේ.

අපට ඔරොත්තු දෙන සීමාව

කෙසේ වුවත් අප එකිනෙකාගේ ඔරොත්තු දිය හැකි සීමාවන් විවිධයි. ඒ නිසා කවර වයසක පසු වුවද, කුමන රැකියාව කළත්, මොන අධ්‍යාපන මට්ටමේ සිටියත්, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් අපට පීඩාකාරී මට්ටමින් ආතතිය ඇතිවන්නට ඕනෑම අවස්ථාවක ඉඩකඩ ඇත. එමෙන්ම එක් අයෙකුට ඉතා පහසුවෙන් මුහුණදිය හැකි ගැටලුවක් තවත් කෙනෙකුට ඉතා දරුණු මානසික පීඩාවක් ඇතිකරන්න ඉඩ පවතී.

ආතතියෙන් පෙළෙන බවට සංඥා

හිසරදය, කැරකැවිල්ල, මස් පිඩු තද වීම, මස්පිඩු වේදනාව, උදරයෙ අපහසුතාවන්, පපුවේ වේදනාව, වේගවත් හදගැස්ම සහ ලිංගික ගැටලු යනාදිය  සුලබ ශාරීරික රෝග ලක්ෂණ වේ. අවධානය පවත්වා ගැනීමේ අපහසුතාව, තීරණ ගැනීමේදී ඇතිවන අපහසුතාව, අධික හැඟීම්බර ස්වභාවය, නිරන්තරයෙන් ඇතිවන කනස්සල්ල සහ නිතර අමතක වෙන සුළු ස්වභාවය යනාදිය ආතතියේ සුලබ මානසික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.

 මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකුගේ හැසිරීමේ විවිධ වෙනස්කම් ඇති විය හැකියි. බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ සමීපතමයෙකුට මේ වෙනස්කම් ඉතා සියුම් වුවත් හඳුනා ගැනීමේ ඉඩකඩක් ඇත. මානසික  ආතතිය හේතුවෙන් ඇතිවීමට ගිය ඇතැම් ඛේදවාචක  සමීපතමයන්ගේ විමසිලිමත් බව නිසා වළක්වාගත හැකි වූ අවස්ථා පිළිබඳ සිදුවීම් අප අවට පරිසරය නිතර දකින්නට ලැබෙන්නේ ඒ නිසායි. සුළු දේටත් කේන්ති ගැනීම,  කලබලකාරී බව, නින්ද ඉතා අධික හෝ ඉතා අඩු බව, ඉතා අධිකව හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම, අසාමාන්‍ය  ලෙස ඇතැම් ස්ථාන සහ පුද්ගලයන් මගහැර සිටීමට උත්සාහ කිරීම,  අධික ලෙස දුම් හෝ මත්පැන් පානයෙහි යෙදීම වැනි ලක්ෂණ ආතතියෙන් පෙළෙන පුද්ගලයන් වෙතින් නිතර පිළිබිඹු කෙරේ..  මෙකී ලක්ෂණ ආතතිය හැරුණු විට වෙනත් කායික මානසික රෝගවලදීද ඇති විය හැකි බැවින් රෝග තහවුරුව නිවැරැදි වීම අත්‍යවශ්‍ය වේ.

උපකාරක සේවා අවැසි මොහොතක්

මෙවැනි තත්වයක ඔබ හෝ ඔබේ සමීපතමයෙකු සිටීනම් ඔවුන් කඩිනමින් අදාළ උපකාරක සේවාවන් වෙත යොමු කරන්න. ආතතිය හෝ වෙනත් ඕනෑම මානසික ගැටලුවක් පිළිබඳව විමසීම සඳහා 1926 - ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇමතීමටද හැකිය. ඊට අමතරව රයෛ් රෝහල්වල ඇති මානසික සෞඛ්‍ය සායනවෙත සහභාගී වන්න.

මත්පැන්, දුම්වැටි හෝ මත් ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න. මෙයට අමතරව ඇතැම් අය ආතතිය සමනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් අධික ලෙස කැෆේන් අඩංගු පාන භාවිත කරයි. කෝපි / කෝලා / කැෆේන් සහිත ශක්තිජනක පාන නිතර ගැනීමත් සෞඛ්‍යයට අහිතකර වේ.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශයේ තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

මානසික ආතතියෙන් මිදීමේ මඟ

Vihangi sithmini Monday, 03 March 2025 10:40 AM

මට උදව් අවශ්‍යයයි

:       0       0

යූ.ජී.එස්.එන්.පෙරේරාFriday, 07 March 2025 08:12 PM

ඉහත සඳහන්කර ඇති සියළු රෝග ලක්ෂණ මා වෙත පවතී. මා කුමක් කළයුතුද යන්න තීරණය කරගැනීමට නොහැකිව සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31241 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13410 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site