( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක පටන් බ්‍රිතාන්‍යයේ වාසය කරන ලාංකික ප්‍රජාවට අයත් පිරිසක් යැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වලින් පැවසේ.
එම වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාංකිකයින්ට ගෞරව දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජාප සිරිසේන මහත්මිය පසුගිය දිනවලදී මිය ලාංකිකයින්ගේ පවුල් වල සාමාජිකයන් අමතමින් සිය කනගාටුව පළ කල බවදපපැවසේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින් 900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බවද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිට්.
මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.
COMMENTS
බොහොම කණගාටු දායක පුවතක් සියලු දෙනා සමාදානයේ සැතපේවා...
ලෙඩකට බයේ රටකින් පනින්න බලා ඉන්න වෛද්‍යවරු ගැන කවර කතාද? මම නම් ඇහුවාමයි. මේ අයගේ වෛද්‍ය ලියාපදිංචියත් අවලංගු කරන්න ඕනේ අචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා. මේ අය මිලානෝ හිටියානම් කොරෝනා හීනෙන් දැකලා ඇඳත් තෙමාගෙනම ස්වර්ගස්ථ වෙනවා මෙහෙ රෝගීන් මිය ගිය විදියට...
ඔවුන්ව ශ්‍රී ලාංකිකයන් කියා හැඳින්වීම වැරදියි. ඔවුන් දැන් බ්‍රිතාන්‍ය ජාතිකයන්.(ඉගෙනීමට සහ සංචාරයට ගිය අය හැරෙන්න)
කොරෝනා නාවානම් ආචාර්ය උපාධිය සඳහා ගිය ශිෂ්‍යයින් සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිය වෛද්‍යවරු එක්කෙනෙක්වත් ආපසු එන්නේ නැහැ. වෛද්‍යවරු සහ විශ්වවිද්යාල ආචාර්ය මහාචාර්යවරු කී දෙනෙක් මෙහෙම කට්ටි පැන පැන ඉන්නවාද? දැන් තමයි ආපසු එන්න මතක්වුණේ..
විදෙස් රටක මියයාම ශෝකජනක වැඩිය. සියලු දෙනාට නිවන් සුව පතමි !
අපේ ලංකිකයෝ හරිම ආත්මාර්තකාමීයි .හැමකෙනාම නොවෙයි. වැඩි හරියක් එහෙමයි. අපි ඉන්න මේ ඉතාලියේ සමහර කට්ටිය බයේ ලංකාවට පැනලා ගියා. දැන් ලංකාවේ දවසින් දවස ආසාධන කට්ටිය වැඩිවෙන නිසා ආපසු ඉතාලියට එන්න හදනවා. ඒ බව පුවත් පත් වලින් දැක්කා. අපේ ලංකික අය තරම් ආත්මාර්තකාමී මිනිසුන් මේ ලෝකයේම නැති තරම්. අපි නම් ලංකාවට එන්න හිතුවේවත් නැහැ .ඒ මන්ද අපේ ශ්‍රී ලංකාව රැක ගතයුතු නිසා. බුදු සරනයි