IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විවාදයට ගැනීම කල් යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම කල් ගියේය.

එම යෝජනාව අද  දිනයේදී  විවාදයට ගැනීම  සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ අරමුණ විය.

යෝජනාව අද  දිනයේදී  විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන්  විශේෂ යෝජනාවක් (මෝසමක්) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලදී.

සාමාන්‍යයෙන් එම යෝජනාව විවාදයට ගැනීමට නම් ස්ථාවර නියෝග අනුව එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ දින පහක් තැබිය යුතුවේ. ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් මෙලෙස  සම්මත කර ගැනීමට විපක්ෂය උත්සාහ ගත්තේ යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කර  ඊයේ දිනයට    දින පහක්  සම්පූර්ණ නොවීම  නිසාය.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග අත්හිටුවීමට විරුද්ධත්වය පළ කළේය.

මෙනිසා ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වන්නැයිද  ඔහු ඉල්ලීමක් කළේය.

ඒ අනුව ඡන්ද විමසීමක් පැවැත්වුණු  අතර  ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව මේ අනුව වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්විය.

එම යෝජනාවට  විරුද්ධව ඡන්ද 119 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ  ඡන්ද 68 ක් පමණි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.

මේ අතර  කතානායකවරයාට බාර දීමෙන් පසු  පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති පසුගිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉන් ඉවත් කරගන්නැයි  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (0)

ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විවාදයට ගැනීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site