IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයන් ගණන 2007 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, අද දිනය තුළ මේවනවිට ආසාදිතයන් ගණන 6කි.

මේ අතර, කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 40දෙනෙකු සුවය ලබා අද(25) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, වැලිකන්ද මූලික රෝහලෙන් එක් පුද්ගලයකුද, කාත්තන්කුඩි මූලික රෝහලෙන් 9දෙනෙකුද, හෝමාගම රෝහලෙන් පුද්ගලයකුද, මිනුවන්ගොඩ රෝහලෙන් 15දෙනෙකුද, හම්බන්තොට රෝහලෙන් 7දෙනෙකු ද, තෙල්දෙනිය රෝහලෙන් 7දෙනෙකුද මෙසේ සුවය ලබා පිටව ගොස් තිබේ.

අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා කොරෝනා වයිරසයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 1602 දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ මෙම පිරිස අතර විදේශිකයන් කිසිවකු වාර්තා නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වනවිටත් 394ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අද වනවිට 11 දෙනෙකු රෝගය ආසාදනය වීමෙන් මියගොසිනි.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන් ගණන 2007 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 215 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site