(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර වලින්ද රුපියල් බිලියන ගණනින් මුදල් වංචා සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය.
මහපොළ භාරකාර අරමුදලින් පමණක් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 28ක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙයට අමතරව නිල ඇදුම් වවුචර, සුරක්ෂා රක්ෂණය ආදි වැඩසටහන් මගින් ද රුපියල් කොටි ගණන් මුදල් නාස්ති වන බව පෙන්වා දුන්නේය.
කොළඹ පදනම් ආයතනයේ දී අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘‘අපේ රටේ සිදුවෙච්ච තවත් මහා පරිමාණ වංචා දූෂණ රැසක් මේ රජය යටතේ සිදුවෙලා තියෙනවා. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට රුපියල් මිලියන ගණනින් අලාභ හානි සිදුවුණා.
ආර්ථික වශයෙන් අපහසුතා ඇති දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලලිත් ඇතුලත් මුදලි මහතා මෙම අරමුදල පිහිටෙවුවා. මහපොළ දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 1998 වසරේදි අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් මත මාලබේ අක්කර 25ක් වෙන් කරලා එහි ස්ලිට් ආයතනය නමින් විශ්ව විදයාලයක් ගොඩනැගුවා. එහි පාලන කටයුතු වෙනුවෙන් වෙනත් ආයතනයක් ආරම්භ කළා.
ආරම්භයේ දී එහි අධ්‍යක්ෂක මන්ඩළයේ සියලූ දෙනා රජයේ නිළධාරීන්. නමුත් පහුගිය කාළයේ එම නිළධාරින් සියලූම දෙනා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කළා. දින 100 ආණ්ඩුව යටතේ මාලබේ විශ්ව විද්‍යාලයේ ඇති අක්කර 25 ඉඩම හැර ගොඩනැගිලි, විශ්ව විද්‍යාලයේ හිමිකම් ඇතුළු මේ සියල්ල රුපියල් මිලියන 408කට අර වෙනත් සමාගමට විකුණුවා.
මේ වනවිට එම ගොඩනැගිලි ඇතුලූ විශ්ව විදයාලයේ අවම තක්සේරුව මිලියන විසිදාහක් හෙවත් බිලියන 20ක්. එම විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය, ජාත්‍යන්තර පිලිගැනිම තක්සේරු කළොත් එයට වඩා වැඩියි. "
(ඡායාරූප - ලහිරු හර්ෂණ)


2025 නොවැම්බර් මස 17
73
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2529
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් වංචා සිදුවනවා’