IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සහරාන් ඉන්දියාවේ නගරවලට ගොස් ඇත්තේ තමිල්නාඩුව හරහා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල මහ මොළකරු ලෙස සැලකෙන සහ්රාන් හෂීම් ඉන්දියාවේ නගරවලට ගොස් ඇත්තේ තමිල්නාඩුව හරහා යැයි මෙරට බලධාරීන් උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් වෙබ් අඩවිය අද (6) වාර්තා කළේය. 
 
කෙසේ නමුත් සහ්රාන් හෂීම් ගුවන් මගින් ඉන්දියාවට ගිය වාර්තා හෝ ආගමන විගමන වාර්තා හෝ පිළිබඳව සොයාගැනීමට නැතැයි ද ‘ද හින්දු’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 
 
“සහ්රාන් හෂීම් මුහුදු මාර්ගයෙන් මන්නාරමෙන් තමිල්නාඩුව යන්න ඇත. ඒ සඳහා හොඳටම අවස්ථාව තිබෙනවා” යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය යැයි ද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ. 
 
ඉන්දියාව ඇතුළු කලාපයේ බුද්ධි ආයතන සමඟ සම්බන්ධ වෙමින් සහයෝගීත්වයෙන් ත්‍රස්ත ජාලය පිළිබඳව තොරතුරු සොයමින් විමර්ශන කරන බව ද යුද හමුදාපතිවරයා පවසා ඇත. 
 
දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව සහ්රාන් හෂීම් 2018 වසරේ අවසාන භාගයේදී  බැංගෝලරය, කාශ්මීරය සහ කේරළයේ යම් යම් ස්ථානවලට ගමන් කර ඇතැයි ආරක්ෂක අංශ බලධාරීන් උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 
 
“අනෙකුත් අන්තවාදීන් සහ ජිහාද්වාදීන් සමඟ සබඳතා තහවුරු කරගැනීම සහ්රාන් හෂීම් එම ස්ථානවලට යන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ සඳහා තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් කලාපයේ සිට ඉන් පිටත සිටින පාර්ශව සමඟ සබඳතා ගොඩ නගාගෙන තිබෙනවා. ඔවුන් එහි කළේ මොනවාදැයි අපිට හරියටම කියන්න බැහැ. එහෙත් ඔවුන් වන්දනාවේ නොගිය බව නම් විශ්වාස” යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇතැයි ද එම වෙබ් අඩවියේ සඳහන් වේ. 
 
055



අදහස් (2)

සහරාන් ඉන්දියාවේ නගරවලට ගොස් ඇත්තේ තමිල්නාඩුව හරහා

දීපානි ඇන්ටි Monday, 06 May 2019 04:38 PM

සහරාන් පුතා ඉගෙන ගන්න වැඩ වගයකට තමිල්නාඩු ගියේ. අනී බලන්නකො මෙයාලා ඒ අහිංසක දරුවව සැක කරන හැටී !

:       202       192

chandima Tuesday, 07 May 2019 12:50 AM

හරිනේ? හරි නේද? මම කිව්වනේ අර කෙරලෙයි තමිල්නාඩුවයි අතර තියෙන කැලේ විවේක ගන්න යන්න ඇති කියල. කුට්ටිමනිලත් විවේකය ගතකලේ එහෙ තමයි. සමහරවිට අර මැදපෙරදිගට පැන්න කියන කැලා පාළුවත් එහෙට යන්න ඇති.

:       1       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site