(තිළිණි ද සිල්වා)
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම සහ අභියාචන රීට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම හා අභියාචනය විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය මෙම පෙත්සම් ඉවත දමන ලදී.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභාය රාජපක්ෂ මහතා ගේ නඩුව විභාගයට ගැනීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව දැනුම් දෙන ලදී.
අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
අභියාචනාධිකරණ්‍ය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වන ප‍්‍රතිශෝධන පෙත්සමේ සහ අභියාචන පෙත්සමේ විභාගය කරමිනි.
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියාසිටියි.
එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු පෙන්වා දේ.
එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.
ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී අද (29) සහභාගි වූ පළමු පුහුණු තරග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය.
විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,
මොරටුව එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පැදවූ මෝටර් රථයේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අද (29) රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ප
වරකාපොල සිට විනෝද චාරිකාවක් පැමිණ කොග්ගල මෝය කට අසල මුහුදේ දිය නාමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිස
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි
ranjana silva Tuesday, 18 June 2019 09:54 AM
ජය වේවා
පිටිගල මිලානෝ Tuesday, 18 June 2019 10:04 AM
සිංගප්පුරුවේ පියා ලී කුවාන් යු ලෝක නායකයෙක් වුනේ පිළිම සාදා නොවේ. අවංක පාලකයෙක් වූ නිසයි.
Sanath Kandy Tuesday, 18 June 2019 10:14 AM
අවුරුදු හතරක් තිස්සේ ඇදගෙන ගියා වගේ තව මාස හතරක් ඔහොමම ඇදගෙන යමු. ජනාධිපතිවරණය ඉවර වෙනකල්. අනේ මෙහෙමත් රටක අපි ඉපදුනානේ.
Bishan Tuesday, 18 June 2019 01:08 PM
වැරදි කරලා නැත්තම් බය නැතුව නඩුවට ඉදිරිපත් වෙන්නකෝ. බොරු සංදර්ශන දන්නේ නැතුව.
සෙනෙවිරත්න Tuesday, 18 June 2019 01:14 PM
අධිකරණවල බලතල හොයන්නෙ නැතිව නඩුවට මුහුණ දිලා තින්දුව පිලිගන්න.
Saman Tuesday, 18 June 2019 02:37 PM
තවත් ඡන්ද ප්‍රතිඵලයක්
Sena Tuesday, 18 June 2019 02:40 PM
ඇමෙරිකාවටම වෙලා හිටියනං ඉවරනෙ
SamanWednesday, 19 June 2019 01:11 AM
ඒකනෙ කියන්නෙ.. එතකොට මැරුණු අයට සොහොනුත් නැහැ.. මෙයාට නඩුත් නැහැ,..
Chanak los angeles Tuesday, 18 June 2019 03:08 PM
නඩුවට අදාලව මතුවට කිසිම විරෝදතා අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නොහැක යන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න .
Sena Wednesday, 19 June 2019 01:09 AM
'පුදනකොටම කාපි යකා'... නියමයි..