IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

(නිමන්ති රණසිංහ)

පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI) මගින් තමන් වෙත භාරදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් අද (04) දැනුම් දුන්නේය.

ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI)  විසින් එවනු ලැබූ මම වාර්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ අපේක්ෂිත වාර්තාවන් බවත් ඒවාට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වනු ලබන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් අපේ‍්‍රල් මස 21 වැනිදා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වූ අලව්දීන් අහමඞ් මුවාත් නැමැත්තා විසින් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට දන්වා ඇත.

 



අදහස් (4)

පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

Mahee Wednesday, 04 September 2019 03:29 PM

ඔන්න පුතේ බොහොම වැදගත් තොරතුරක් හම්බවෙලා තියෙනවා. අපි හිතන හැටියට.. හැබැයි, කීයක් ඔට්ටුද? ඕවයේ මොකවත්ම නැහැයි කියලා අනාවරණය වෙන බවට...

:       0       0

Raveendra Wednesday, 04 September 2019 04:02 PM

කරුණාකර අපගේ මෙම අදහස් වැරදි ලෙස අර්ථකථනය කිරීම හෝ හාස්‍යයට ගැනීම ඔබ සතු දෙයකි. ඔය කියන මලපෙරේතයන් ගිය තැන ඒ රට විනාශ කර තමන්ට ඕනෑ විදියට පඹයන් නිර්මාණය කර එම රට අස්ථාවර කිරීමට අති දක්ෂයෝය. ඉතාම සූක්ෂම විදියට රටවල් අස්ථාවර කර තිබෙන බව ලෝකයේ මෙම හිවලුන් ගිය රටවල් දෙස බැලීමේදී හොඳින් අවබෝධ වනවා නොවේද? ඔය කියන වාර්තාව ඒ ඒ අයට අවශ්‍ය විදියට සකසා ලොක්කන්ට නැතිවෙනකම් ළඟ එන පොරයේදී වේදිකාවේ කෑගැසීමට හොඳ කටගැස්මකි. සරලව සඳහන් කරනවා නම් දේශපාලුවන් තමන්ගේ අල්ලේ නටවමින් තමන්ගේ යටිකූට්ටු අදහස් ක්‍රියාත්මක කිරීමේ අති දක්ෂයෝය. කණගාටුව අපේ මෝඩ තකතීරු උගතුන් යයි කියන සමහර දේශපාලුවන් තමනුත් නොදැනම දේශය විනාශකිරීමට හවුල් වීමයි.

:       0       0

Aruna Manipura Thursday, 05 September 2019 03:19 AM

හොරාගේ අම්මගෙන් පේන ඇසීම.

:       0       33

PereraThursday, 05 September 2019 06:06 AM

හරියට හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site