IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බීමතින් මෝටර් රියක් සොරකම් කළ ලාංකිකයා ජපානයේ දී අත්අඩංගුවට

ජපානයේ දී බීමතින් පැමිණ කුලී මෝටර් රථයක් සොරකම් කිරීමේ චෝදනා යටතේ ශ‍්‍රී ලාංකිකයකු එරට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන  ජැපෑන් ටුඩේ පුවත්පත අද (31) වාර්තා කළේය.


මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූයේ වයස අවුරු 43 ක් පමණ වන ලාංකිකයෙකි. ඔහු එරට දිගුකාලයක සිට රැඳී සිටින අයෙකි.
මෙම ලාංකිකයා ඉකුත්  28 වැනි දා බීමතින් පැමිණ රියදුරු නොමැතිව මඟ නවතා තිබූ කුලී මෝටර් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු පසුපස පොලිස් රථ ලූහු බදින අවස්ථාවේදී මෙම පුද්ගලයා මාර්ග නීති කඩ කරමින් එම රථය ධාවනය කර ඇත.


එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ අනෙකුත් රථ වාහනවලට හානි සිදු වී ඇති අතර රිය අනතුරු සිදු වීම හේතුවෙන් පුද්ගලයින්ට තුවාල ද සිදු වී ඇත.


කිලෝ මීටර් 2ක පමණ දුරක් මෙලෙස අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කර ඇති බව අනාවරණය වී ඇත.


මෙම සිද්ධියට අදාළව සැකකාර ලාංකිකයා ඊයේ (30) දිනයේ ජපානයේ ෆුකුඔතා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


කුලී මොටර් රථයක් සොරකම් කිරීම , මාර්ග නීති කඩ කිරිම ,මගීන්ට සහ රථ වහනවලට හනී සිදු කිරිම යන චොදනා ජපන් පොලීසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුට එරෙහිය එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.
 
(125)



අදහස් (0)

බීමතින් මෝටර් රියක් සොරකම් කළ ලාංකිකයා ජපානයේ දී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site