IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


‘‘ඉන්ධන මිල අඩුකරන්න කටයුතු කරනවා‘‘

(චන්ද්‍රසේන ගමගේ)

ලෝක ඉන්ධන මිල පවතින තත්ත්වයේම පැවතියහොත් ඉදිරි සති දෙක තුළදී රටේ ඉන්ධන මිල අඩු කරන්න රජය කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16)  වලස්මුල්ලේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය.

මේ වන විට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ යම් අඩුවීමක් සිදු වී තිබෙනවා. අපි හිතන්නේ කොරෝනා වෛරසයෙන් ලෝක ආර්ථිකයට වූ බලපෑම මත ඉන්ධන මිලේද යම් වෙනසක් වුණා කියලයි. කෙසේ වුවද මේ පවතින මිල ඉදිරි සති කිහිපය පුරා පැවතියහොත් රටේ ඉන්ධන මිලද යම් අඩුකිරීමක්  කරන්න  කටයුතු කරනවා. ඒ පිළිබඳව ජනාධිපති තුමා මෙන්ම අගමැතිතුමාද අවදානය යොමු කර තිබෙනවා.

ඉන්ධන මිල සූත්‍රය නැවත ගෙනඒමට ආණ්ඩුවේ කිසිඳු අදහස් නෑ. ඉන්ධන මිල සූත්‍රය තිබුනානම් ගිය මාසේ 10 වැනිදින රුපියල් 12 ක් ඉන්ධන මිල වැඩි වෙන්න තිබුණා. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රය තිබුනානම් මේ මාසයේ ඉන්ධන මිල රුපියල් 02 න් අඩුවෙන්න තිබුණා. ඉන්ධන මිල සූත්‍රය අහිමි කිරීම නිසා මේ රටේ ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබුණු බව ද ඇමතිවරයා වැඩිෙදුරටත් පැවසීය.



අදහස් (8)

‘‘ඉන්ධන මිල අඩුකරන්න කටයුතු කරනවා‘‘

de silva Sunday, 16 February 2020 01:13 PM

ඔය බොරු මිල සුත්‍රය තිබුනා නම් සැමට සාධාරණයක් , සංස්ථාවට පාඩුවකුත් නැහැ , පාරිභෝගිකයටත් ප්‍රශ්නයක් නැහැ , පාරිභෝගිකයාට උදවුකරන්න අවශ්‍ය නම් තෙල් වලට ගහන බද්ද ටිකක් අඩු කරලා , මිල සුත්‍රය නැවත ගෙන එන්න ,

:       0       71

Pradeep Sunday, 16 February 2020 01:47 PM

තවත් කැරට් අලයක්.. හොදයි ඇමතිතුමා.. එත් කමක් නෑ, ඡන්දෙ ඉවර වෙනකල් හරි අඩුවට තෙල් ටිකක් හම්බ වුනොත්..

:       1       62

wicky Sunday, 16 February 2020 03:47 PM

හරි බලමුකෝ. දැන් අඩුවෙන නිසා කියන්නේ මිල සුත්‍රය නිසා කතාවල්. වැඩි උනානම් මොකද කරන්නේ ? හැම 10 වෙනිදාම වෙනස් කරන්න ඕනි නැ, හැබැයි අඩු උනාම අඩු කරන්න ඕනි. මොකද වැඩි වුණානම් අඩු වුණා නම් ඕව කියවන්නේ නැහැනේ නේද. අපි බලමුකෝ මැතිවරනෙන් පස්සේ? කොහොමත් ජනාදි පතිතුමා හැරුනම වෙන එකෙක් ගැනවත් කිසිම විස්වාසයක් නැ.

:       0       31

Bamunuarachchi Monday, 17 February 2020 12:50 AM

ඉන්ධන මිල අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට වාසියක් ප්‍රයෝජනයක් වෙන්නේ නැත රු 10 අඩුකලයි කියලා බස් ගාස්තු අඩුවෙන්නේ නැත, අනික් වෙළඳ භාණ්ඩවල මිල අඩුවෙන්නේ නැත වාසියක් වෙන්නේ වාහන හිමියන්ට පමණි. දැන් මිල අඩුකර නැවත මිල වැඩිකරන විට එය විරුද්ධ පක්ෂයට සටන් පාඨයක් වනු ඇත. දැන් සැපද කියා අසනු ඇත. එමනිසා ඉන්ධන මිල එසේම තියාගෙන බදු අඩුකිරීමෙන් රජයේ ආදායමට සිදු උන පාඩුව මකා ගන්න.

:       70       0

athuraMonday, 17 February 2020 06:49 AM

ඇයි බමුණෝ, මෝටර් බයිසිකලයක් තියන මනුස්සයෙක් සාමාන්‍ය ජනතාවට අයිති වෙන්නෙ නැද්ද ?

:       0       8

BamunuarachchiMonday, 17 February 2020 10:29 AM

මෝටර් සයිකලයක් මටත් තිබුනා ඕකට ගැලුමක් ගහ හත්තාම කිලෝමීටර් සිය ගානක් යන්න පුළුවනි ඒවාට ගහන පැට්‍රල් මොනවද? පැට්‍රල් මිලත අඩු වෙන්න ඕනේ, වැට්, උපයන විට ගහන බදු නැතිකරන්න ඕනේ, සහල් මිල අඩුකරන්න ඕනේ පඩිත් අඩු කෙරුවම මොකද වෙන්නේ?

:       1       0

athuraTuesday, 18 February 2020 04:51 AM

බමුණ කියන්නෙ ආදී කාලේ ගැන වෙන්න ඕන ඒ කාලෙ තැපැල් නයින්ටිය හොදට තෙල් කලා කියල අපේ සීයාගෙන් මම අහලා තියනවා. අනෙක ජීවන බර අඩුකරනවා කියලා නේන්නම් කොහොමත් මේ ආණ්ඩුව පත්වෙන්න කලින් කිව්වෙ අමතකද.

:       0       0

Jude Monday, 17 February 2020 04:58 AM

අමතක කරන්න එපා ඔබ ගිය ආණ්ඩුවේ හිටිය බව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 637 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site