
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (8) පස්වරුවේ පැවසීය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 99 කින් ද, ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 45 කින් ද, පහත දැමූ බවත් මුදිත පීරිස් මහතා කීය.
එම මිල පහත දැමීමත් සමග රුපියල් 4,910 ක්ව පැවැති ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 4,664 ක් බවට පත්වූ බව කී මුදිත පීරිස් මහතා රුපියල් 1,971 ක්ව තිබූ ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1872 ක් ද, රුපියල් 914 ක්ව පැවැති ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 869 ද, දක්වා පහත වැටෙන බව ද සඳහන් කළේය.
තමන් සභාපති ධූරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ ‘ගෑස් මිල සූත්‍රය’ට අනුව මෙම මිල පහත දැමීම සිදුවූ බවත් ලෝක ගෑස් මිල අනුව සෑම මසකම 5 වැනිදා වන විට ඉදිරියේදී මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා කීය.
COMMENTS
අපි JVP ආණ්ඩුවක් එනකම් අරගල නවත්වන්නෙ නැහැ. අද JVP ආණ්ඩුවක් තිබුණනම් අඩුතරමේ රුපියල් 1000 කින්වත් ගෑස් මිල පහලට දානව.
රුපියල් 1700ට තිබුනු ගෑස් රුපියල් 4800ට වැඩි කරලා දැන් රුපියල් 246.00 අඩුකරනවා. කාවද මේ රවටන්නේ?
Please tell us us the buying price per MT for our education!