(මුදිතා දයානන්ද)
ලිත්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම සඳහා රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද ඒ සම්බන්ධ වාර්තාව ලැබුණ වහා එය අලෙවියට අවසර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලබන බවද සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
මෙම වාර්තාව 29 වැනිදා වන විට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අලගියවන්න මහතා කියයි.
නව නිෂ්පාදන හඳුන්වාදීමේ අයිතියක් නිෂ්පාදන සමාගම් සතුව ඇති බවද ඒ අනුව නව ප්‍රිමියම් ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වාදීම සම්බන්ධයෙන් විරෝධයක් දැක්විය නොහැකි බවද එහෙත් එයින් පාරිබෝගිකයාට යම් ගැටලුවක් මතුවන්නේ නම් ඒ ගැන සොයා බැලීම තමන්ගේ වගකීමක් බව පිළිගන්නා බවද ඔහු පැවසීය.
ඒ අනුව නව ගෑස් සිලින්ඩරයට අඩු ලීටර් ප්‍රමාණයකට වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුව ඇති බව බැලු බැල්මටම වැටහෙන බවද ඒ නිසා අදාළ සමාගමේ නිලධාරීන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නව ගෑස් සිලින්ඩරයේ ගෑස් කිලෝ ප්‍රමාණය අඩුවී තිබුණද එහි ගුණාත්මක බව ඉහළ නංවා ඇති බවට සමාගම එම සාකච්ඡාවේදී කරුණු දක්වමින් සඳහන් කළ බවද අලගියවන්න මහතා පැවසීය.
සමාගම සඳහන් කළ කාරණාව සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද එම වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බවද ඔහු පැවසීය.
කුමන තත්ත්වයක් යටතේ හෝ ගෑස් මිල වැඩිකිරිමක් සිදුනොකරන බවද ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද අලගියවන්න මහතා ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම නිසා සමාගම් මුහුණ දී ඇති ප්‍රශ්නයද සළකා බලා ජනතාවට ගැටලුවක් නොවන සාධාරණ පිළියමක් යොදන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල වෙනස් නොකර සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය අඩුකර පෙන්වන කපටි ලෝකෝත්තරයින් ගේ ක්‍රම ඔස්සේ බලධාරීන්ට කොකා පෙන්වා ගෑස් අලෙවිකරන ක්‍රමයක් බව පෙනේ.
ගෑස් මිල වැඩිකරන්න ඕනෑ නම් කෙලින්ම කරන්න. අපිව ගොනාට අන්දවා බර අඩු කරන්න එපා. එතකොට අපට ප්‍රවාහන වියදම් වැඩිවෙනවා.. දැන් එක වතාවක් යන ගමන දෙවතාවක් යන්න වෙනවා.
ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන්නේ කොහොමද අඩුගානේ අඩුගානේ සමාගම් ඉස්සරහට අවශ්‍ය තොග ඇනයුම් කරලද ,දිනපතා අවශ්‍ය තොග නිකුත් කරනවද කියලවත් ඔයගොල්ලෝ දන්නවද? කොහොමත් ඕවා පාලනය කරන අය කොහොමත් බුදියගෙන නේ ඉන්නේ නැත්නම් කොහොමද හොර සිලින්ඩරයක් දැම්මේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩියි ලු වැඩිවීම නිසා සමාගම් මුහුණ දී ඇති ප්‍රශ්නයද සළකා බලා ජනතාවට ගැටලුවක් නොවන සාධාරණ පිළියමක් කියන්නේ ඉතින් ඊලග ඡන්දෙන් පස්සේ ඇරියස් කවර් කරනවා කියල නේද ?
මතකද චන්ද්‍රිකා මහත්මියගේ කාලෙදීත්, ශෙල් සමාගමට ගෑස් අලෙවිය පැවරුවට පසු ගෑස් සිලින්ඩරයකින් ගෑස් කිලෝ 1 1/2ක් පමණ අඩුකළ මිලත් වැඩිකරා..
පොඩි සම්තින් එකක් දීල SLS ගත්තා නම් ගොඩ ...
මේක තනිකර බොරුවක් මෙයා අපිට බබා පාර්ට් දානවා. ඊයේ මම ගෑස් ගත්තා මේ හොර සිලින්ඩර් විතරයී තිබ්බේ. ගන්න වුනා ගෑස් නැති හින්ද. මොකක්ද මේ තාක්ෂණික කමිටුවෙන් පස්සේ දෙන අවසරය ? එහෙනම් කොහොමද විකුනන්නේ ? ඇයී නවත්තන්න බැරි ? මාස්ක් නැති අය කුදලන් එනවා වගේ ඇයී ලිට්රෝ ලොක්කෝ කුදලන් එන්න බැරි ? හඬ විතරයී වැඩ නැ. ගැසට් ගහනවා කවුරුවත් ගණන් ගන් නැහැ. හාල් මිල අඩු කළා ද ? ගෑස් මිල වෙනස් නොකළාද ? කාටද මේ බොරු ෂෝ ? ඔබ අසමත් නැද්ද හදවති අහන්න
මට මතකයි ඇමතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමාගමට සිලින්ඩර 18l ක් නැවත කැඳවීමට රජය මාසයක් ලබා දී ඇති බවයි. නමුත් කනගාටුදායක සත්‍යය නම් එම සිලින්ඩර ආපසු ලබා නොගැනීම මෙන්ම ඒවා දිගටම විකිණීමයි. අප පත් කළ මෙම රජය තුළ පාරිභෝගිකයා පාවා දුන් පළමු අවස්ථාව මෙය නොවේ.