(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිද එම සැකකරුට දීමට ගෙනා ඩෙනිම් කලිසමක ඉනේ වෙළෙඳ සන්නාමය සලකුණු කර ඇති ලේබලයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරීන් අද (1) අත්අඩංගුවට ගත් බව අතිරේක බන්ධානගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
අදාල කාන්තාව ගෙනා පාර්සල් බන්ධනාගාර නිලධාරීන් කළ සෝදිසියේදී කලිසමේ ලේබලයේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 48 ක ප්‍රමාණයක් සොයාගත් බව කී ඒකනායක මහතා එම කාන්තාව සහ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානයට භාරදුන් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ බිරිඳක්