IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


බූස්ටර් එන්නත ලබා ගැනීමේ වාසි

මර්දනය වෙමින් පැවැති වසංගත තත්ත්වය යළිත් වතාවක් හිස ඔසවා ඇති බැව් දෛනිකව වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගෙන් හෙළිදරව් වේ. එසේම මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉක්මවා  ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා විශාල වශයෙන් සමාජ ගතව ඇති බවත් වාර්තා වේ.

පෙර පැවති ප්‍රභේද ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත්    බරපතළ තත්ත්වයක් කරා යාම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍ර දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නා කරුණකි . එනමුත්, ඔමික්‍රෝන්  ආගමනයත් සමඟ  අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක  පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබේ.

Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්තාවලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන්  ලබාදෙන  එන්නත් මාත්‍රා  දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි "බූස්ටර්" මාත්‍රාවක්  ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන ඇති නවතම හෙළිදරව්වයි. 

මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන්  ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමයෙන්  හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා  දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහවලට මෙම    ප්‍රෝටීන     කොටස හා සම්බන්ධ වී වයිරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාව අඩු වීම යි.  එහෙත්  තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ  ප්‍රමාණය  ඉතාම වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාව ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් තහවුරු වී තිබේ.

ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව  සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්නත්තොග තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවකි.

ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන්  ප්‍රභේදය  ඉදිරි සති කීපය ඇතුළත දී  විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින්  අනතුරු අඟවා ඇත. මේ අවස්ථාවේදී සෞඛ්‍ය  අමාත්‍යංශය  වෙනුවෙන් අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි. ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යා මතවලට නොරැවටී හැකි ඉත්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට උත්සුක වන්න, ඇතැම් අයට පමණක් සුළු අතුරු ආබාධ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි අතර  එසේ වුවත් දින කිහිපයකින් එකී තත්ත්වය අවසන්ව යයි. එබැවින් එන්නත් ගැන නිරන්තර තොරතුරු යාවත්කාලීන කෙරෙන බැවින් ඒ ගැනද දැනුම්වත් වී සෞඛ්‍ය අංශවලට ඔබේ සහයෝගය හැකි උපරිමව ලබා දෙන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

බූස්ටර් එන්නත ලබා ගැනීමේ වාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1025 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site