
(ජයන්ත නානායක්කාර, රෝහන සමරවීර සහ පී.ආර්.ගමගේ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන කොලොන්නේ හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි.
රත්නපුර දිස්ත්‍රීක්කයේ සිංහරාජ රක්ෂිතයට මායිම්ව ගොන්ගල කන්ද පාමුල මෙම හෝටලය පිිහිට තිබේ.
ගින්නෙන් හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අක්කර විස්සකින් සමන්විත ඉඩමේ ඉදිකර තිබූ කබානස් පහකට හා තවත් ගොඩනැගිලි හයකට ගිනි තබා අලාභ හානි කර ඇත. එහි තිබූ ව්‍යායාම කරන උපකරණ රැසකටද හානි කර ඇත
නම සදහන් කිරීමට අකමැති එහි සිටි සේවකයෙක් සදහන් කළේ හැත්තැවක සියයක පමන පිරිසක් පැමිණ පහරදී ප්‍රෙට්‍රල් වැනි යමක් දමා ගිනි තැබූ බවත් ඔහුන් අසල කැලයේ සැඟවී සිටි බවයි.








COMMENTS
හරි හමන් රස්සාවක්වත් නොකරපු කෙනෙක් මේ වගේ මහා පරිමාණයේ ව්‍යාපාර පවත්වාගෙන ගියේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ...? දැන් ඕස්ට්‍රේලියාවේ ගජ සැපට ඉන්නවා ඇති...!
ජනතා මුදල් හොරකම් කලේ නැත්නම් රැකියාවක් කර ඉතා සුළු කාලයකින් මෙතරම් ධනයක් උපයා ගත්තේ කෙසේද? විගණනයක් අවශ්‍යයි කියන්නේ ඒකයි.
දුප්පත් මහජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරා බීපු මාපිල්ලු .රටම හූරගෙන කෑවේ දූෂිත පවුල් පාලනේ උන් .ඔහොම වෙලා මදි.රටට කරපු විනාසෙට .
මේ තරම් පොඩි කාලේ ලොකු හෝටල් අයිතිකාරයෙක් වෙන්න සල්ලි කොහෙන්ද ? දූෂණ , වංචා නොකර මෙහෙම මුදලක් උපයාගන්නේ කොහොමද?
වන විනාශකර හෝටල් ඉදිකරන්නේ බලපුළුවන්කාර කමටයි. අන්තිමට හෝටලයත්, වනාන්තරයත් දෙකම අහිමිවුණා...
මේ ඔක්කොම යාලුවෝ මල්ලී කියලා රන්ජන් කීවා හරි. නූගත්, මන්ද බුද්ධික, තක්කඩි දේශපාලකයින් ඉවත්කර පවුල් දේශපාලනය අවසන් කිරීමට කාලය හරි.
ඈ... යෝශිතට හෝටලයක් තිබ්බද..? නෑ කියලා මැරෙන්න ගියේ. ඒකත් සිංහරාජයේ...
සිංහරාජයට මහා පරිමාණ හෝටල් අනවශ්‍යයි...!
යෝෂිත රාජපක්ෂගේ දේවල් විනාශ කරපු එක අමතක කරමුකෝ... ඒ වුණාට ඒ හෝටලයේ සේවය කරපු සහ එයට පිටතින් සේවා සපයපු අහිංසකයින්ට කවුද ඉස්සරහට කන්න දෙන්නේ...? මේ වගේ ගිනිතැබීම් විනාශ කිරීම් කරන විට ඒ වගේ අය ගැනත් හිතන්න...
දැන් හොරකම් කරපු සල්ලි ඉල්ලපුවාම එව්වා සේරම ඔහෙලා පිච්චුවා කියයි.
අනුර දිසානායක හැමදාම කිව්වා මුන් හොරු කියලා... අපි ගනන් ගත්තෙ නෑ.. දැන් තමයි තේරෙන්නේ ... action to be taken immediately..
පුදුම විදියට සහ අසාමාන්‍ය විදියට සල්ලි හම්බු කරල තියන බව නං හොඳටම පැහැදිලියි .
හරි හමන් රස්සාවක් වත් නැති එක්කෙනෙක්ට මෙච්චර ලොකු හෝටලයක් ?
බැලුවහම ගම සමග පිළිසඳරක් කියල ගිහින් කරලා තියෙන්නේ කැලේ එලිකරලා පවුලේ අයට හෝටල් හදා ගන්න එක නේ
ගිනි තියපු අය හොයන්න කලින් මූට මෙව්ව ගන්න සල්ලි ලැබුන හැටි හොයන්න ඕන
රාජපක්ෂල හොරු නෙවේ අපහාස කරන්න එපා
දුක් මහන්සියෙන් හම්බ කරගත් දේවල් නේ........
ගොන් වැඩක්.. නැති වෙන්නේ රටේ මුදල් සහ සම්පත්.. යෝෂිත අයථා විදියට උපයාගත් දේ නම් පවර ගන්න තිබුණ රජයට...
මහින්ද මහත්තයා රටට මිලකළ නොහැකි සේවයක් කරපු නායකයෙක්... මමත් හමුදා සොල්දාදුවෙක් විදියට තවමත් හදවතේ ඉන්නේ මෙතුමාම තමයි. ඒත් ඒක එහෙම කියලා මේකට සාධාරණයක් කරන්න බැහැ. මෙව්වා මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි නැත්නම් මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලි..? මේක බුදු දහම අදහන රටක්.. වංචාවට, හොරකමට ඉඩක් නැහැ. කවදාහරි කොතැනින් හරි එව්වා යනවා... මේකත් ඒ වගේ වැඩක් තමයි මෙයාලා ඕනෑවට වඩා රඟපෑවා... ඒකයි මෙහෙම වුනේ මෙව්වා අහිංසක මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි...!
2020 සැප්තැම්බර් 19 වැනිදා, ජනපතිතුමාගේ අණපරිදි නෙලුවේ සිට සිංහරාජය දක්වා මාර්ගය දින 90කින් සම්පූර්ණ කළා. නමුත් දැන් සුදුසු මාර්ගයක් නෙළුවට නැහැ.
ජනතා විරෝධතා තිබියදී මේවා ඉදිකිරීමට පෙර කුඹුරේ ලොක්කා පළමුවෙන්ම සිංහරාජයේ සිටි අලින් එලවීමට ගත්තේ උන්දෑ කලවානෙ සභාපති වෙලා සිටිද්දී. දෙවනුව ජනතා විරෝධතා තියෙද්දී ජනාධිපති සිංහරාජය හරහා රජයේ වියදමින් මහා මාර්ගයක් ඉදිකළේ මේවාට යටිතල පහසුකම් දීමට... මෙහෙම ස්වභාවික සම්පතක් මෙන්ම ලෝක උරුමයක් වූ සිංහරාජයට හානි කිරීම වෙනුවෙන් හිමිකරුගෙන් හා මුලසිටම එයට මං පෑදූ අයගෙන් අලාභය අයකළ යුතුයි.
නේවි එකේ රස්සාව කරලා දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි ටික කැටේක එකතු කරලා හෝටල් කෑල්ලක් අටවා ගත්තා. ඒකත් අලි ඉන්න ඈත සිංහරාජෙ කෙලවරේ.... දුක දැකපු ජනාධිපති මාමා පාරක් කපලා දුන්නා එයා හමුදාවෙ ඉද්දී එකතුකල පඩි සල්ලි ඔක්කොම දාලා. ඒ ඔක්කොම ඉවරයි. ඇත්ත මේක වුනානම්..... මෙහෙම දෙයක් වෙයිද?
කාට කොහොම අයිති වුණත් විනාශකරන එක වැරදියි, පුළුවන් ක්‍රමේකට රජයට පවරගන්නවා මිසක්...!