(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතාට මරණීය තර්ජන එල්ල කැළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (19) කරුණු වාර්තා කළේය.
ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලේ මහතා විසින් අධිකරණය වෙත මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කර තිබිණී.
ඒ අනුව ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 486 වගන්ති ප‍්‍රකාරව මෙම පරික්ෂණය ආරම්භ කර ඇති බවට වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
COMMENTS
එතකොට මිරිස්කුඩු ගැහුවා, කොස්තාපල්ට කණට ගැහුවා කසිප්පු කාරයින්ට නඩු නැද්ද?
මිරිස් වතුර ගහපු, පොලීසියට ගහපු අයට පරීක්ෂණ නැද්ද?
රංගා සහ ජනිස් වෙත, ඔබලාගේ පක්ෂයෙන් පැමිණිල්ලක් ආවොත් පරීක්ෂණයක් පටන් ගනී.
60 දශකයේ නම් පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියලා ජනතාවට පෙනුනේ නැතිවුනාට දැන් ඇත්තේ නව තාක්ෂණයෙන් පිරි ලොවක් කියා නුගතුන්ට කියාදෙන්නේ කොහොමද ? නුගතාට ඒ බව නොවැටහී හැසිරුන හැටි මුළු ලොවම දුටුවා. ඒ අනුව වැඩ වරදින්නේ ඕනේ කාගේදැයි නීතිය ලොවට කියාදෙන සේක්වා ...
පරීක්ෂණ පවත්වන්න . ඒ වාගේම මේ වගේ අය ආයෙමත් පාර්ලිමේන්තු එවන්න තරම් මෝඩ වෙන්නේ නැතිවෙන්න ගම්පහ මිනිසුන් දැනගන්න.
ඕක ඔය තරම් ගණන් ගන්න එපා.
හිනත් යනවා. අරුන්දිකට මරණ තර්ජන කරන්න නම් බටර් පිහියක් පෙන්වල බැහැ...
මෙම සියලු ගැටුම් ජනාධිපති ගේ හිතුවක්කාරකම නිසයි...