(චමින්ද වැවතැන්න)
රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම සුරතල් සතුන් කරමික් ජීවත් වු ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද දහවල් සොයා ගත් බව රඹුක්කන පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සබීන් මතියි නැමැති ජර්මන් ජාතික 65 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
ඇය විසින් සටහන් කළ බව කියන ලිපියක් ද එම නිවසේ තිබී හමු වූ බව පොලිසිය කියයි.
මීට වසර 20 ට පමණ ඉහතදී ලංකාවට පැමිණ වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සමග විවාහ වී පසුව දික්කසාද වී ඇති බවට මෙතෙක් කළ මුලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වු බව පොලිසිය කියයි.
දික්කසාදයෙන් පසුව රඹුක්කන පින්නවල ප්‍රදේශයට 2016 නොවැම්බර් පදිංචියට පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.
මෙම කාන්තාව මෙම ප්‍රදේශයට පැමිණි දිනයේ සිට බල්ලන් ඇති කරන අතර එම නිවසේ බල්ලන් 12 ක් පමණ සිටි බවත් පොලිසිය කියයි.
මාර්ගවල සිටින අසනීප බල්ලන් නිවසට රැගෙන පැමිණ ඔවුන්ට ප්‍රතිකාර කර නැවත මුදා හරින බවත් නිවසේ ඇති දැඩි කරන බල්ලන්ට අමතරව ප්‍රදේශයේ බල්ලන්ට ද කෑම උයා පිහා ගිහින් දෙන බවත් ජනතාව පැවසීය.




2025 දෙසැම්බර් මස 18
181
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රඹුක්කන නිවෙසක තනිව සිටි ජර්මන් කතක් අභිරහස් ලෙස මිය ගිහින්
Nihal de silva Saturday, 16 October 2021 07:41 AM
බෞද්ධ රට, උදයට පිරිත් ඇහෙන්නේ රෑට පිරිත් ඇහෙන්නේ. දුකයි.