IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට

(විනීතා එම් ගමගේ)
 
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේ දී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිර ඇති ඉන්ධන සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.
 
එසේ විසිරී ඇති ඉන්ධන වර්ගය ඩීසල් නොවන බවත් ඊටත් වඩා ඝණකමින් යුත් ඉන්ධනයක් බවත් පෙනී යන්නේ යැයි ද ප්‍රදීප්කුමාර මහතා කීය.
 
මීට දින කිහිපයකට පෙර ද මෙසේ තෙල් තට්ටුවක් එහි හඳුනාගත හැකි වූ බවත් එම තෙල් තට්ටුව විසුරුවා දියකර හැරීම සඳහා රසායනික යෙදීම සිදුකළ බවත් මේ වනවිට දැකිය හැකි  වන්නේ ඉන්පසු මතුවූ තෙල් තට්ටුව බවත් සාමාන්‍යධිකාරිවරයා පැවැසීය.
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ඉන්ධන විසිරීමක් සිදුව සාගර දූෂණයක් සිදුව ඇති බැවින් මේ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
 
මේ සම්බන්ධව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අදාල නැව් සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැළසුම් කරමින් සිටින බව ද ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
 
මේ කාන්දුවන්නේ නෞකාවෙන් නිකුත් වන තෙල් බව පැහැදිලි නමුත් ඒ එහි ගබඩා කර ඇති බොරතෙල් ද නැතිනම් නෞකාවේ භාවිතය සඳහා යොදා ඇති ඉන්ධන ද යන්න පැහැදිලි නැතැයි කී ඔහු ඒ පිළිබඳ යමක් පැවැසීය හැක්කේ රස පරික්ෂක වාර්තාව ලද පසුව යැයි ද කියා සිටියේය.
 
මෙම තෙල් තට්ටුව සෙන්ටිමීටර් දෙකක් පමණ ඝණට පවතින බවත් හෙතෙම කියා සිටියේය.
 
විසිඑක් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම මේ වනවිට නෞකාව තුළ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් විදේශිය ආපදා කළමනාකරණ විශේෂඥයින් 17 දෙනෙකු හා ආපාදා කළමණාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුව ලත් නාවික හමුදාවේ සිව්දෙනෙකු ඊට අයත් බවත් පැවසූ සාමාන්‍යධිකාරිවරයා ආපදාවට ලක්වූ නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් නාවික සැතපුම් 50 ක් පමණ ඈතට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය.
 
පැනමා රාජ්‍යයේ ලියාපදිංචිය ඇති ග්‍රීක සමාගමකට අයත් එම් ටී  නිව් ඩයමන්ඞ් ඉන්ධන ප්‍රවාහන නෞකාව කුවේට් සිට නැගෙනහිර ඉන්දියාවේ ඔඩිශා ප්‍රානත්යේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් සිටිය දී ඉකුත් 3 දා උදෑසන ගින්න හට ගැනිණි.



අදහස් (0)

බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31306 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site