(අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය, සතොස වංචා, මෙන්ම දැරිය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දිය හැකි උපරිම දඬුවම් ඔහුට මේ ආණ්ඩුව යටතේ ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
ඇයි එකපාරක් පැළ හිටවන්න දුන්නේ...? බුදු අම්මෝ රජ කාලෙවත් එහෙම දඬුවම් දීලා නෑ...
දීලා බලන්න. තමුන්ට දිය යුතු ඒවත් කියලා...
බලය තියෙනකොට මොලේ නැහැ., මොලේ තියෙනකොට බලේ නැහැ. රිෂාඩ්ව ඔයාලාට ඡන්දයක් ළංවෙනකොට ඕනෑ වෙනවා. බලන්නකෝ, ඊළඟ ඡන්දයේ රිෂාඩ් එන්නේ බැසිල් සමග... එදාට මහින්දට, නන්දෙට රෙදි නැතිව තමයි ඉන්න වෙන්නේ...
ඔයගොල්ලෝ අපිව රවට්ටන්න ඔහොම කිව්වට නෝම්බි ඉවර වෙන දවස්වලට ගිහින් බුරියානියි, වටලප්පමුයි කන්න යනවා ඒ ගෙදරට...
ඔයාලා තමයි අපේ රටට හොඳටම කරයි. අපිට හරිම සතුටුයි.
දේශපාලනය කරන ඔය කාටත් දවසක යමරජ්ජුරුවන්ගෙන් දඬුවම් ලැබේවි..!!!.
අනිවාර්යයෙන්ම වැරදිකරු වුණොත්, ඊටත් වැඩි දඬුවමක් දුන්නත් වරදක් නැහැ. ඒ එක්කම ලසන්ත, තාජුඩීන්, එක්නැලිගොඩ ඇතුළු තව බොහෝ දෙනෙකු නොඑන ගමන් යැවූ අයටත් නීතිය ක්‍රියාත්මක කළොත් තමයි හොඳ...
ඇයි දැන් ඉන්න රජාගෙ දඩුවම් හොදනැද්ද
මේක මාර රටක්. තවමත් ඔප්පු වී නැති කාරණා සම්බන්ධව බදුර්දින්ට රජකාලේ දඬුවම් දෙනවා නම් , මහජන දේපොළ කොල්ල කෑ බව හොඳින්ම කරුණු කාරණා ඔප්පු වී ඇති පල හොරෙකුට දිය යුතු දඬුවම කුමක්ද?
තමුන් කියලා නිකම්ද ? දැන් ඉන්න අයගේ කෙරුවාවලුත් රටම නොදන්නවා නෙවෙයි .හිතාගෙන ඉන්නේ නම් හරිම සුද්දවන්තයෝ කියලා වෙන්ඩ ඇති .
දොස් සාෆිට වගේ හොඳ දඬුවමක් දෙන්න මතක හිටින්නට... අනේ නිකන් බොරු මාධ්‍ය සංදර්ශන දාන්න එපා. රටේ ජනතාව දැන් දන්නවා හොඳටම ඔයාලගේ ගණුදෙනු... තව ටික දවසකින් ඔය දූෂණයක් ගැන මාධ්‍යවලින් අහන්නවත් වෙන්නේ නැහැ. කාලෙන් කාලෙට රටේ සැබෑ ප්‍රශ්න යටගහන්න ගේන ප්‍රශ්න...
බොරුවෙන් හා ප්‍රෝඩාවෙන් රට පාලනය කරන කාලකණ්ණි...
කිසිඳු වැරැදි වැඩක් නොකරපු මනුස්සයෙක් තමයි මේ... රිෂාඩ් වැරැදි බව 100%ක් හරි. ඒ වගේම අපරාධයක් තමයි මෙයාලාත් රටට කරලා තියෙන්නේ. අහිංසක දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බත්පතින් හොරකම් කරපු කිසිම මිනිහෙක්ට ආයෙත් මිනිස් ආත්මයක් නෑ. මෙයාලා නොමරා මරනවා. වෙනසක් නෑ. කාලය අතර විතරයි වෙනසක් තියෙන්නේ..
තමුන් ගහපු සල්ලි කන්දරාවට මොන වගේ දඬුවමක්ද සුදුසු කියලා නුඹම කියපන් කොල්ලෝ...!!!
අර පිටිපස්සෙන් උලතියන එකද? නියමයි..!!!
ෂර්යා නීතියට අනුවම වැඩේ කරමු... මම ගල් ලෝඩ් එකක් එවන්නම්. වල කැපිල්ල ජෙප්පෝ කරයි. ඒ ගොල්ලන් එ් වැඩේට දක්ෂයි...