Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 31 වන සිකුරාදා
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මනාලයා 36 හැවිරිදි අතුල් උත්තම් යුතාදේ ය. මොහු මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන්නෙකි. මංගල උත්සවය උත්සවශ්‍රීයෙන් සෝලාපූර්හි පැවැත්වූයේ පසුගිය සිකුරාදා දිනයේය.
ඉන්දීය පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් මංගල උත්සවයට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර, උත්තම් යුතාදේ පොලිසියේ ද අවධානයට ලක් විය.
බහු විවාහ චෝදනා එල්ල වුණු ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බවත්, චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් වසර 7 ක සිර දඩුවමක් හිමිවනු ඇති බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය පවසයි.
විවාහ වී එකිනෙකාගෙන් වෙන් වී සිටීමට අකමැති බැවින්, තමන් එකම සැමියකු තෝරා ගත් බව රිංකි පිංකි පඩ්කොංගාර් නිවුන් සොහොයුරියන් පවසා තිබේ.
මව සහ පඩ්කොංගාර් පවුලේ ඥාතීන්ගේ කැමැත්ත සහ ආශිර්වාදය මැද මංගල උත්සවය පැවැත්විණි. සොහොයුරියන් දෙදෙනාගේ පියා ජීවතුන් අතර නැත.
රිංකි පිංකි හොඳ අධ්‍යාපනයක් ලබා ඇති අතර, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවල නියැලී සිටිති.
(එන්.ඩී.ටීවී)
ලුම්බිණි Tuesday, 06 December 2022 10:08 AM
ඕක නීති විරෝධී නිසා තමයි ලංකාවේ මිනිස්සු හොරෙන් තියාගෙන ඉන්නේ.
Reply : 5 67
akila Tuesday, 06 December 2022 10:29 AM
ඉන්දියාව ගැන මොන කතාද.?
Reply : 18 21
janahitha Tuesday, 06 December 2022 02:41 PM
ඔහෙ පලයන් ලංකාවෙ සිදු වන්නෙ ඉතාම උසස් දේවල්ද ඉන්න හිටින්න කන්න බොන්න නැතිව විදේශ විනිමය බින්දුවෙ ඉන්න රටක ඉදන් අපේ තියෙන උද්දච්ච කමක හටි.
Reply : 5 42
චින්තක Tuesday, 06 December 2022 11:44 AM
සුද්ධෝධන රජජුරුවෝ මහාමයා දේවියයි ප්‍රජාපතී දේවියයි තියාගෙන හිටපු එක ගැන මොනාද උපාසක අප්පුලට කියන්න තියෙන්නේ?
Reply : 70 40
Upasaka Tuesday, 06 December 2022 12:15 PM
මනුස්සයො සුද්ධෝදන රජ්ජුරුවො මහ මයා දෙවි මලාට පස්සෙ එයාගෙ නංගි ප්‍රජාපති බැන්දෙ - නිකම් පව් පුරවා ගන්න එපා.
Reply : 17 59
RANDIL Tuesday, 06 December 2022 01:56 PM
ආගම ගැන හරි හැටි නොදැන ගරහන මිත්‍යාදෘෂ්ටිකයෝ. ඕවා කියලා උන් දන්නව කියලා පෙන්නන්න හදන්නේ මොනවද? ඒවාට ලයික් දාන මිනිස්සු ඊට හපන්.
6 20
ලෙක්කෝ ගලබඩ Tuesday, 06 December 2022 02:55 PM
ඇයි වෙන කෙනෙක් හිටියෙම නැද්ද බදින්න එයාවම තාේරා ගත්තේ…?
17 8
ලාල් Tuesday, 06 December 2022 03:16 PM
මට නම් බිරිදගේ නංගී ගැන රාගික චේතනා පහලවෙන්නේ නැහැ.. ඒ නිසා කිසිදිනක බදින්න බැහැ..
5 11
කෙහෙල් හොරා Tuesday, 06 December 2022 03:44 PM
බිරිදගේ නංගිවත් ඉල්ලන්න මම ගියානම් මස්සිනාලාගෙනුයි මාමාගෙනුයි අම්බානක කන්න වෙයි….
1 9
කමනි Tuesday, 06 December 2022 03:50 PM
නැහැ. උපාසක සම්පූර්ණයෙන් වැරදියි. නන්ද කුමාරයා සිදුහත් කුමාරයාට වඩා දවස් 7යි බාල.
2 9
චින්තක Tuesday, 06 December 2022 08:43 PM
මෙතැන ඉන්න නාමික බෞද්ධ බොහෝ දෙනෙක් හරි හැටි බුද්ධ චරිතය දන්නේ නැහැ.
0 2
රංග ජයවර්ධන Tuesday, 06 December 2022 10:18 PM
මහාමායා දේවියගේ මරණය බටහිර කුමන්ත්‍රනයකින් සිදු වූ මිනිමැරුමක් වෙන්න බැරිද?
2 2
සමන්ත Tuesday, 06 December 2022 04:33 PM
අපේ නෝනාගේ නංගිත් මේ දවස්වල අපේ ගෙදර ඉන්නේ. හරි හැඩකාරී. මේ පුවත කියවනකල් මම හිතුවේ නැහැ, මටත් සුළු අයිතිවාසිකමක් හෝ තියනවා කියලා...
Reply : 1 3
පොලොන්නරුවේ සිරා Tuesday, 06 December 2022 04:38 PM
කමනිගේ පොයින්ට් එකෙත් කියවෙන්නේ…….. වෙනස්ම නොසිතූ දෙයක්….????
Reply : 4 4
Rasika Wednesday, 07 December 2022 07:14 AM
ප්‍රශ්නය බෞද්ධ සංස්කෘතිය, ධර්මය, ඉතිහාසය මේ කිසිවක් හරියට නොදන්නාකම. සිදුහත් කුමාරයා මාස 10 ක් සම්පූර්ණ වෙනකම් කුසේ හිටියා. නන්දකුමාරයා සහ බොහෝ ළමයින් ඉපදෙන්නේ මාස 9 න්.
0 2
UPASAKA Wednesday, 07 December 2022 10:39 AM
කමනි කියන එක කොහෙත්ම පිළිගන්න බැහැ. මොකද බුදුන් වහන්සේ එම මාලිගාවට වැඩලා තියෙන්නේ නන්ද කුමාරයාගේ විවාහ මංගල්‍යය කිට්ටුවම. එවකට බුදුන්ගේ වයස අවුරුදු තිස් හයක් තරම් කිව්වැහැකි. සිද්ධාර්ථ කුමාරයා විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 16 දි. ඉතින් එවකට නන්දු කුමාරයාගේ වයස අවරුදු 36 ක් වෙනකල්ම විවාහ නොවී සිටියාද?
0 3
සුරංග Wednesday, 07 December 2022 06:22 AM
ඇයි තොපිට සුද්ධෝදන රජ්ජුරුවෝ පමණක් මතක් වුනේ තොපිට ඕන බුදුහාමුදුරුවන්ගේ පියතුමාට අපහාස කරන්න නේද කාළකණ්නියෝ ඇත්තටම උඹලා ඉස්සර හිටපු රජවරුන්ට අන්තක්පුර තිබුනා කියලා අහල නැද්ද නිකං නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා මෝඩයිනේ.
Reply : 2 7
Senarath Tuesday, 06 December 2022 11:50 AM
කොහොමටත් අමු හින්ගලෙන්, කසාද බදිනවට කියන්නෙ හිර ගන්නව කියල නෙ. එ නිසා ලන්කවෙ ඔය වරදට වෙන සිර දඩුවම් දෙන්නෙ නැහැ. මට මතක හැටියට රුපියල් 150 ක දඩයක් තමා ගහන්නෙ.
Reply : 1 16
බෙම්පියානෝ Tuesday, 06 December 2022 01:28 PM
ඩොලර් එක දැන් ගනන්ගිය නිසා ඒක දැන් වැඩිකරලා ඇති.
Reply : 2 11
Loloyya Tuesday, 06 December 2022 12:17 PM
ලන්කාවෙ රිච් මනමාඅලයො හොය හොය ඉන්න කිසිම කොලිෆිකෑසන් එකක් නැති අර අනු සහ කනූට ධම්මික පෙරේරව බඳින්න පුලුවන් මේ වගේ
Reply : 1 13
pathirana Tuesday, 06 December 2022 12:17 PM
මගෙ වාසනාවට - මම බැදඩලා ඉන්න එක්කෙනාගෙ නිවුන් සහෝදරියට නම් ඔයවගේ අදහසක් පහල උනෙ නහැ නෙ.
Reply : 1 21
janabala asamagi Tuesday, 06 December 2022 03:38 PM
අදහස කෙසේ වෙතත් නමින් පළකිරීම නම් වසල කමකි. කිහිප දිනකමින්ම කළ වරදට සාපය ලැබෙනු ඇත.
Reply : 8 3
pathrana Tuesday, 06 December 2022 04:59 PM
කවුද වසලයා, කාටද ඔය කියන දේවල් ලැබෙන්නේ කියන එක ඔයාගේ නම බලන ඕනි කෙනෙකුට තේරෙනවා.
2 3
janabala asamagi Wednesday, 07 December 2022 02:21 PM
පතිරණ නමින් පෙනි සිටින කෙනා වසලයෙක් වෙන්නේ පුළුවන්.
4 1
පිටිගල මිලානෝ Tuesday, 06 December 2022 12:24 PM
ලංකාවේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. අයියා මලෝ එකතුවෙලා එක නංගියෙක්ව තියාගෙන එකගෙයි කනවා. නංගිට සැපම තමයි.
Reply : 6 23
sena Tuesday, 06 December 2022 02:46 PM
ඔය සිරිතත් අපිට ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් විෂේශයෙන්ම කේරල ප්‍රාන්තයේ මෑතක් වනතුරු ඔය සිරිත තිබිලා තියෙනවා - හිමාලයනු ගෝත්‍ර අතර තවම තියෙනවා.
Reply : 1 8
janahitha UAE Tuesday, 06 December 2022 02:39 PM
අසල් වැසි රටෙ තොරතුරු පලකිරිම අගය කරනව එය පමා වී හො සිදු කිරිම වටිනව අයිතිහාසික උරුමයන් ගෙන එ් ස්තන ගැන වැදගත් තොරතුරු පලකරනව නම් අගය කරනව
Reply : 0 4
janamana Tuesday, 06 December 2022 02:42 PM
නෙදකින්
Reply : 5 6
wijesena Tuesday, 06 December 2022 03:31 PM
ඔය කසාඳ සහතිකය ගෙනාවේ සුද්දෝ. ලංකාවේ 20 වැනි ශතවර්ෂයේ මුල හා ඊට පෙර කසාද සහතික තිබුණේ නැහැ. ඉන්දියාවේ රජවරුන්ට බිරින්දෑවරු කොපමණ හිටියද? අක්බාර් රජුට ජෝදා විතරක් නෙවෙයි. 300 ක අන්තපුරයක් තිබුණා. අනේ මන්දා දැනුත් පිරිමි හොරෙන් බිරින්දෑවරු තියාගෙන ඉන්නවා. අප්‍රිකාවේ සහ මුස්ලිම් ආගම අදහන අයත් බිරින්දෑවරු 4 ක් තියාගෙන ඉන්නවා. කොහේද වැරදුනේ?? සුද්දගෙ කසාද කොළේද?
Reply : 1 13
වස්සා Tuesday, 06 December 2022 03:49 PM
හනිමූන් එක තහනම් බටහිර චිත්‍රපටියක වගේ තුන්දෙනාම සහයෝගයෙන් ක්‍රියාත්කම කරගන්න ඇති.
Reply : 0 12
බද්රානි Tuesday, 06 December 2022 05:21 PM
මම මේ බැලුවේ කුණු රසයට ලංකාවේ මිනිස්සු මොනතරම් ලොල් ද කියලයි.. අනුන්ගේ කෙහෙල් මල් හොයන්නේ නැතිව, තමුන්ගේ දෙයක් බලා ගනිල්ලා අඥාන මිනිසුනේ. අන්තප්පුර, එකගෙයි කාපු සංස්කෘතියක් තිබුන අය හරියට මෙතන කතා කරන්නේ ශීලාචාර සංස්කෘතියකට උරුම කම් තියන කිසිවක් නොදන්නා බබාලා වගේනේ.
Reply : 7 16
dingdon Wednesday, 07 December 2022 10:47 PM
තමන් ගෙදරට නාකි උනාට පුවන් එවුන්ට බල්ලා බුරුවා කිය කිය උන් දිහා ඊරෂාවෙන් බලන්න එපා. බැරි එකා ගෙදරට නාකි වෙනවා පුළුවන් එකා කීප දෙනෙක් එක්ක ඉන්නවා.
Reply : 0 0
බද්රානි Friday, 09 December 2022 03:30 PM
මොනවද මිනිහෝ මේ ලියල තියන තේරුමක් නැති ගොන් හරුප? ඔහේ හිතුවද මමත් ඔහේ වගේ වඳ බැහැපු කෙනෙක් කියලා...ඔහෙලා වගේ කටින් කෙකර ගාන අයට විරුද්ධව තමයි මම ලියන්නේ.. යමක් හරියට කරන අයට මම විරුද්ධ නැහැ. අනික ඒ පිටරටවල මිනිස්සුන්ට ගැහැණු දෙන්නෙකුට උනත් සලකන්න හැකියාව තියනවා. ඔහෙලා වගේ තමන්ගේ ගෑනිවත් විකුණගෙන කන ජාතියේ පිම්පියෝ වෙන රටවල නැහැ. නිකම් මෙතන බොරු කයිවාරු නොගහා ඉන්නවා හලෝ.. අපි නොදන්නවයි ඔහෙලගෙ මහලොකු කෙරුවාව??
0 0
Dasa P Tuesday, 06 December 2022 10:44 PM
එයාලට හොඳ නම් ඔයාලට මොකෝ.
Reply : 0 3
Bamunuarachchi Wednesday, 07 December 2022 05:20 PM
ඉංග්‍රීස් වලින් කියන්නේ ත්‍රීසම් කියලා.
Reply : 1 3
sampath Wednesday, 07 December 2022 05:24 PM
බහුවිවාහයකට ලංකාවේ තහනම්... ඒකට දඩයක් සහ සිර දඬුවමක් ලබන්න පුළුවන්.. ඒ නිසා මේ වගේ දේවල් ආදර්ශයට නොගත යුතුයි. ලංකාවේ පැරැණි ක්‍රමයට බහු විවාහ තිබුණත් ඉංග්‍රීසීන් විසින් එය තහනම් කළා. නමුත් මුස්ලිම් විවාහය තුළ තවමත් බහු විවාහය පවතිනවා. එක රටක්, එක නීතියක් අවශ්‍යයි කියන්නේ ඒකයි.
Reply : 1 2
chandima Saturday, 10 December 2022 04:54 PM
දැන් ලෝකයේ බොහෝමයක් රටවල්වල කාන්තාවන්ට වඩා පිරිමි ඉන්නේ අඩුවෙන්... එක පිරිමියෙක් එක කාන්තාවක් එක්ක විවාහ වුණොත් සමහර කාන්තාවන්ට විවාහ නොවී ඉන්න වෙනවා. නැතිනම් රහස් සම්බන්ධතා පවත්වන්න වෙනවා. එනිසා බහු විවාහයකට ඉඩදිය යුතුයි. බහු විවාහය තහනම් කිරීමෙන් කාන්තාවන් පිරිසකට නීත්‍යානුකූලව විවාහ වීමේ අයිතිය නැතිකර තිබෙනවා.
Reply : 0 0