IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ පයින් ගසයි

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම යෝජනාව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා ඉකුත්දා වෙනම හමුවී දැනුම් දී ඇති අතර, වාසුදේව නානායක්කාර මහතා ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති හවුල් පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී නාමලගේ යෝජනාව පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී හවුල් පක්ෂවල නායකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ,මෙම අර්බුදයට රාජපක්ෂලා වගකිවයුතු බැවින් ,ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බවය.

එබැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද හවුල් පක්ෂවල නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (20)

නාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ පයින් ගසයි

ජගත් ලියනගේ Sunday, 03 July 2022 11:49 AM

ඔය හැරෙන්නේ තණකොළ කන්නද, කෙහෙල් පැලේ කන්නද කියලා දන්නො දනිති...

:       7       34

Bamunuarachchi Sunday, 03 July 2022 12:40 PM

පක්ෂයට නොව පුද්ගලයාට එහෙම කළත් කමක් නැහැ.

:       35       12

fairoosSunday, 03 July 2022 02:33 PM

මේ ඉන්නේ රාජපක්ෂලාගේ වහල්ලු... කටාර් තෙල් ටිකක් බීලා වඳවෙයල්ලා... හොඳට තිබිච්චි රට කෑවා.

:       1       42

ranjithSunday, 03 July 2022 02:55 PM

මොනවා හරි කුණු මස්කට්ටක් ලැබුණාම වහල් භාවයෙන් මිදෙන්න බෑ.

:       1       28

BamunuarachchiMonday, 04 July 2022 07:59 AM

ඇයි කටාර් තෙල්වලින් වාහන දුවන්නේ නැද්ද?

:       4       2

Licha Sunday, 03 July 2022 01:29 PM

අහුවෙන්න එපා... සියල්ල විනාශයි..!

:       3       31

Sunil Sunday, 03 July 2022 01:37 PM

ගිනි ගන්න රටක ඉන්න අම්බරුවන් තමයි.

:       3       30

ganegoda Sunday, 03 July 2022 01:45 PM

අනේ ඔව්, අපි දැන් පුතාණෝටත් කියලා කෙළවා ගමුද?

:       20       30

sharm warnMonday, 04 July 2022 10:03 AM

අනේ ඇත්තද? දැන් කෙළවිලා නැද්ද? තවත් කෙළ වෙන්න දෙයක් තියෙනවද?

:       1       5

Nandalal DE SILVA - FRANCE Sunday, 03 July 2022 01:58 PM

තවමත් තටමන්නේ මොන ක්‍රමයක් හෝ යොදා ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පාර හදාගැනීමයි. තවත් රාජපක්ෂ කෙනෙක් නිසා මෙයාගේ ‘‘දහම්ගැට‘‘ වලට අනෙකුත් පක්ෂ හසුනොවීම රටේ වාසනාවකි...

:       4       41

rangi Sunday, 03 July 2022 02:56 PM

මේ අයගේ පවුලම රට කාලා අද මිනිස්සු බඩගින්නේ... ඔවුන් සුරසැප විඳිනවා.. ඔවුන්ට සාපවෙනවා.

:       2       33

ගමේ එකාලා Sunday, 03 July 2022 04:03 PM

හොර පෙරකදෝරුවන් කාටද දන්නේ නැහැ එන්න හදන්නේ? රට වලපල්ලටම ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ අය කියන දේවල් අහන්න දැන් කවුරුත් ලෑස්ති නැහැ.

:       1       28

විපරමා Sunday, 03 July 2022 04:22 PM

රටම විනාශ කෙරුවා මදිවට අලුත්ම ගේමකින් එන්න වගේ හිතාගෙන ඇති. පින් අයිතිවෙයි, පුළුවන් නම් බංකරේ ඇතුළට වෙලා ඉන්න ජනාධිපති බාප්පාට අයින්වෙලා යන්න කියන්න. මේ වෙලාවේ රටටම කරන්න පුළුවන් ලොකුම දේ ඒකතමයි...

:       0       25

සමිත හිමි කුරුණෑගල Sunday, 03 July 2022 05:12 PM

ආයෙත් නම් අහුවෙන්න එපා... රාජපක්ෂ හැතිකරේ අයට...

:       0       20

nanda Sunday, 03 July 2022 05:26 PM

මේ වගේ පවුලක බේබිවරුන්ට සර් කියාගෙන පස්සෙන් යන්න තරම් අනුවණ තරුණයින් අද සමාජයේ නැත...

:       1       14

rangiSunday, 03 July 2022 10:22 PM

අවුරුදු 60 පැන්න මැති ඇමති වරුත් මෙ බිබිලට සර් කියාගෙන, ලගට එනකොට සිටින අසනෙන් නැගිටල බයාදු විදියට නේද හිටියෙ. එවගෙ නිවටකම් තියාගෙන මහජන නියොජිතයෙක් විදියට වැඩ කරන්න ලැජ්ජාවක තිබුනෙ නැතිද?

:       1       3

janaka Sunday, 03 July 2022 05:40 PM

නාමල් ගොයියා මුට්ටිය දාලා බැලුවා වගේ...

:       0       18

Illinois Sunday, 03 July 2022 11:38 PM

සෙට් වෙලා ඉන්නේ දැන්මම වැඩේට..!

:       0       6

පර්ල් කරල්ලියද්ද Tuesday, 05 July 2022 10:07 PM

දූෂණ චෝදනා නොමැති අදාල විෂයයන් පිළිබඳ දැනුමැති කාලීන අත්‍යා වශ්‍යතා සැලකිල්ලට ගෙන දැනට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා විසින්ද යෝජනාකර ඇති පරිදි සීමිත කාලයකට ඇමැතිවරුන් සීමිත සංඛ්‍යාවකින් සමන්විත සර්ව පාක්ෂික පාලන මණ්ඩලයක් තෝරාපත්කර ගැනීමෙන් පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර, තීන්දු කරගත් කාලයට අන්තර් පාලනය ගෙන යාම සුදුසුයි. එයින් විශාල මුදලක්ද රජයට, මාතෘ භුමිය වෙනුවෙන් ඉතිරිකර ගත හැකිවනු නිසැකයි.

:       0       0

sampath Wednesday, 06 July 2022 03:37 PM

මේ තත්වයට ආණ්ඩු පක්ෂ සියලු විපක්ෂ වගකිව යුතුයි. දැන් වසර 05 කට වඩා දේශපාලනේ හිටපු කිසිකෙනෙක් ආයේ ගේන්න එපා. මොන වෙස් මුහුණු දාගෙන ආවත් වමේ සහ දකුණේ සියල්ල අසමත්, සියලු පක්ෂ අසමත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 384 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 437 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site