නිමන්ති රණසිංහ
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බැවින් එම චෝදනා වලින් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ මහතා මුදා හැරිණි.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත්කළ විශේෂ මහාධිකරණය ජනාධිපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මුදා හරිනු ලැබිණි.
මෙම නඩුවේ සෙසු සැකකරුවන් සම්බන්ධව නඩුව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද අධිකරණය දැන්වීය.
මෙම නියෝගය දෙනු ලැබුවේ අද (21) මෝසමක් සළකා බැලීමෙන් පසුවය.
COMMENTS
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... දැන් මොකට නඩු අහනවද?
මෙය අපි දැක්කා. ඉදිරියටත් මෙහෙම වේවි... මෙය ආරම්භයක් පමණි. රටට 33 කෝටියක් දෙවියන්ගේ පිහිටයි.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිගේ වැඩ තහනම් කිරීම ඉක්මනින් කළ යුතුයි. වැඩ බලන පොලිස්පති පාස්කු ප්‍රහාරකයේ කුමන්ත්‍රණකරුවන් ඇල්ලීමට මැලි කමක් දැක්වූ නිසා සහ තම රාජකාරියෙන් ඔබ්බට ගොස් ඇතැමුන්ට චරිත සහතික දීම නිසා අලුත් අයෙක් පොලිපති ලෙස පත් කළ යුතුයි.
දැන් මොකටද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ ? ඒවා අහෝසි කර විනිසුරුවරු ගෙදර යවමුද ?
තනතුරේ විශේෂ වරප්‍රසාද ඔහොම යන්..........
දැන්නේ නියම ඡන්ද ප්‍රතිඵල එන්නේ.
මාරයි නේ...
මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යය වේ. ජනාධිපතිට විරුද්ධව අලුතින් නඩුවක් ගොනුකළ නොහැකි බව ඇත්තකි. නමුත් පවතින නඩුවක් පවත්වාගෙන යත නොහැකිද? තව කරුණක් නම් ජනාධිපතිට විරුද්ධව අපරාද නිතිය බල පැවැත්වෙන ආකාරයයි.
මේ නඩුව මහාධිකරණයක අසන්න පදනමක් නැති නඩුවක් නිසා නිතරම ඉහල උසාවි වල තහනම් නියෝග හමුවේ ක්‍රියාත්මක විය.
නීතිය මාරයි..නවලා හමාරයි...
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුත්තේ මෙන්න මේ නිසයි. මගේ රටට දළඳා හිමි සරණයි !
රුපියල් කෝටි බිලියන ගානක් මේ රටේ මිනිස්සුන්ට නැති කරපු අය තමන්ගේ විරුද්ධවාදියාව මර්දනය කරන්න දාපු නඩු සියල්ලක්ම නිෂ්ප්‍රභ විය යුතු බවයි මගේ හැගීම. කොහොමත් රටේ ජනාධිපතිට එරෙහිව නඩු විභාග කරන්න බැහැ. අනික පසුගිය මැතිවරණ කාලේ මේ රටේ ජනමතය කෘතිමව වෙනස් කරන්න මිනිස්සුන්ව මුලා කිරීමට දායක වූ සියලුම මැති-ඇමතිවරු සහ ඔවුන් ඉදිරිපත් කළ ඒ බොරුකාරයින්ව වහාම ස්වාධීන අධිකරණයකට යොමු කිරීමත් වැදගත්. එය මේ රටේ ඉදිරි මැතිවරණ වලදී ජනතාවගේ ජන්ද අයිතියට ගරු කිරීමක්.
පොල් පරාල තමන්ගෙ ඇහේ හිරවෙලා තියෙද්දී අනුන්ගේ ඇස් වල පොල් කෙදි සෙව්වා. මේ රටේ ම හිටපු ඇමතිවරයෙක් වන ඩී.ඒ රාජපක්ෂගේ සොහොන හැදුවේ. අනිත් අතින් මා පිය සොහොනක් ඉදිකරේ. ඒ දේට මෙච්චර ගැරහුවත්... රජයේ මුදලින් රට පුරා ප්‍රේමදාස පිළිම හැදුවේ කොහොමදැයි " පොහොට්ටුවේ කිසිවෙක් චෝදනා කළේ නැත.." වැඩිපුර ම මඩ ගහන අය ලග බොහෝ වැරදි ඇති බව ජනතාව දැන් දනී. අනූව දශකයේ මෙන් කන්න බොන්න දී නොමිලයේ පහසුකම් දී රටවල් අල්ලන්න නොහැකිය. මිනිසුන් බුද්ධිමත්ය. සමාජ ජාලා ඔස්සේ දැනුම නිරතුරු යාවත්කාලීන වේ. එජාප මඩ දේශපාලනය දැන්වත් නවතා බහුතර පිලිකුලට හේතුවන පුද්ගලයින් පක්ෂ සහ ප්‍රතිපත්ති නිර්ලෝභීව ඉවත් කොට දමා වැදී ඇති ලේබල් ගලවා දමා නවීන් දිසානායක වැනි තරුණයෙකුට පක්ෂය භාර දිය යුතු ය. සජිත් වේදිකාවේ දී ජනතාවට කී බොලද කතා නිසාම ඔහු අති ප්‍රබල රාජපක්ෂවරු සමග තරග කිරීමට නුසුදුසු බව පසක් වී හමාරය. දෙවැනිවර පරාජය කිරීමට ඇත්තේ මහින්දටත් වඩා දැවැන්ත විය හැකි චරිතයකි. මේ ලද නායකත්වය සැබවින් ම සිහිනයක් සැබෑ වීමකි. කොළඹ අද දකින සංවර්ධනය රට පුරා දැකිය හැකි කාලයක් උදා වනු ඇත.
මේ සම්බන්ධව කලින් ගෙවපු මුදලුත් ආපහු දෙනවද?
දැන් ඉතින් නඩුත් හාමදුරුවන්ගේ............. බඩුත් හාමදුරුවන්ගේ..............
මටත් නඩු ගොඩක්ම තියනවා. ඒනිසා මම ඊළඟ පාර කොහොම හරි ජනාධිපති වෙනවමයි.
රටක නීතියේ ආධිපත්‍යය අසීමිත බලයක් විසින් යටපත් කරනවා නම් අපි අවාසනාවන්තද? මට නන්දා මාලනියගේ ගීතයක් මතක් වුනා.
කළු සල්ලි සුදු කරන්නත් නීතිමය ක්‍රම තියෙනවනේ කොටස් වෙළඳපොල වගේ. ඉතින් කොයි දේ දිහත් උපේක්ෂාවෙන් බලා ඉන්න පුරුදු වුනොත් රටට මොකක් හරි වෙනසක් වෙයිද කියලා බලමු. හොඳක් උනේ නැතිනම් මහා මැතිවරණයේදී ජනතාව තීන්දුවක් දේවි.
මේව දැක්කම කටට එන දේවල් ඉස්සරනම් කියල දැම්මා, එත් දැන් එහෙම ඕනේ නැහැ.
පුදන කොටම කාපි යකා කිව්වලු.
අධිකරණයේ ස්වාදීනත්වයට අපි ගරු කල යුතුය.
ඔය නිදහස ලැබුනේ ගෝඨාභය ජනාධිපති වුන නිසාම නොවෙයි. 19 වෙනි සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) ට අනුව රවී කරුණානායක ජනාධිපති වුනත් ලැබෙනවා. මිනිසුන්ගේ නොදන්නාකම හොඳට පෙන්වනවා ත්‍රිපුද්ගල මහාධිකරණයටත් ඉහලින් හිතන්න ගියාම.
මේ නඩුවේ අනිත් විත්තිකරුවන්ට විරුද්දව තව දුරටත් නඩුව පවත්වාගෙන යා යුතුය. එවිට මෙහි ඇත්ත දැනගත හැක.
ඒ කියන්නේ ලංකාවේ නීතිය ජනාධිපතිට බලපාන්නේ නැති එකද? ඇමෙරිකාවේ ජනාධිපති කළ අකටයුත්තක් නිසා අමාරුවේ වැටෙන්න යනවා. ඊශ්‍රායලයේ අගමැතිටත් නඩු පවරලා කියලා අද අපට අහන්න ලැබුණා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිට නඩු පවරන්න හැකියාවක් නැහැ. ලෝකෙම්ම උතුම් රට කියාගන්නේ ඒ නිසාද?