(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතය.
මීට අමතරව සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද බදාදා රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයෝ තිදෙනා පසුගියදා පත් කරනු ලැබූහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූවේ විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය. නව ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ඒවා යළි ස්ථාපනය කළ යුතු වේ.
COMMENTS
දැනට පවතින මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කලාට ඒ පිලිබඳ ගැසට් එක තවමත් නිකුත් කරලා නැහැ නේද.? ගැසට් එක නිකුත් කල පසුව තමයි මැතිවරණ දිනය නිත්‍යානුකුල බවට පත්වෙන්නේ.හෙට අනිද්දා අලුත් මැතිවරණ කොමිසමක් පත්කලොත් ,ඒ කොමිසමේ ඉන්නේ රනිල්ගේ හෝ මහින්දගේ බත්බැලයින්නම් , ඒ අය ඉක්මන්වුනොත් මේ චන්ද දිනය වෙනස් කරන්න පුළුවනි.ඇයි මේ දැන්තියෙන චන්ද කොමිසම " බඩගාන්නේ " ? මේ අයටත් කියක් හරි දීලාද " ටිකක් ඇදගෙන යන්න .. " කියලා? ප්‍රශ්න වැලක් ඉතිරිවෙලා .....
තවත් උප්පරවැට්ටිය.
කෙටි මාර්ග වලින් තනතුරක් ගත්තහම එක දාල යන්න තියන පෙරේතකම හැරුනම මෙ උප්පරවැට්ටිවල වෙනත් දෙයක් නැත.
අලුත් හෙංචයියෝ එනගමන්.!
ආණ්ඩු පක්ෂයෙන් තෝරන මන්ත්‍රීවරු නම් ස්වාධීන වෙන්නේ කොහොමද?
ඔවි ඊිටපස්සේ ජනතාවට කෙලවෙන තීන්දු ඔක්කොම ගන්න පුලුවන්නේ...
කොහොමහරි තව ඉදලා අපිව නැත්තටම නැති කරලාම පලයල්ලා. ලංකාවට නැගිටින්ඩ බරිවෙන්නම වට්ටපල්ලා.
මුන් නම් මහ ජරා කාලකන්නි ආණ්ඩුවක් .රට නැත්තටම නැතිකරලයි පස්ස බලන්නේ
උඹලට හොඳින් කියලා වැඩක් නැහැ
බදු වැඩිකරනවා ,බඩු මිල වැඩිකරනවා ,හොරකම් කරනවා .රට විනාසයි .දැන්වත් පලයල්ලා
ජනබලයක් නැතුව බලයට ආවම බල පෙරේතකම ඉහටත් උඩින්
ඔය හදන්නේ කොමිසමේ සාමාජිකයන් අතර මත බෙදීමක් ඇති කරවලා මැතිවරණයක් තියන්න නම් කොමිසමේ ඒකමතික තීරණයක් තියෙන්න ඕනි .නැත්නම් මැතිවරණය නීතියෙන් වලංගු නැහැ කියලා බාල්දියක් අදින්න. මොකද අද මම දැක්ක ආණ්ඩුවේ පත්තරේක මුල් පිටුවේම ලොකු අකුරෙන් කවුද හෙන්චයියෙක් ඔය වගේ අයිඩියා එකක් රට ඉස්සරහට දාන්න ට්‍රයි කරනවා.
මෙතන පට්ට ගමෙ එකක් යන්නේ .රනිල් ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ nasee.ගෙදර giyath Ambu නසි, වගේ .වැඩක් . ඡන්දය කල් දෙම්මොත් රනිල්ට අවුරුදු 02 ඉන්න පුලුවන් . කල් නොදෙම්මොත් පොහොට්ටුවෙන් රනිල් ගෙ පට්ටම ගලවනවා.