( තිළිණි ද සිල්වා )
ගුවන් මගීන් පැමිණිම තහනම් කළ අප්‍රිකා කලාපයේ රටවල් 06න් සංචාරකයන් ගතවූ 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද කීවේය.
පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග නැරඹීම සදහා දැනට මෙරටට පැමිණීමට හැකිබවත්, ඒ සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු කීවේය.
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටිති. මේ වන විට මෙරට ජනගහණයෙන් සියයට 90කට ආසන්න පිරිසක් එන්නත්කර ඇති බැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද සංචාරක ඇමතිවරයා කීවේය.
ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍ර භේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.
COMMENTS
තව සතියක් දෙකක් යද්දී බලන්න ලෝකේ එකඑක රටවලින් මේ රෝගය මතුවෙන හැටි... ලෝක සංවිධානවලින් මේ අලුත් ප්‍රබේදය ගැන මෙච්චර අනතුරු අඟවන්නේ ඇයි කියලාවත් තෙරුම් ගන්න මේ පුරසාරම් දොඩවන ඇමතිලාට පුංචි හරි ඔලුවක් නැත්තෙ ඇයි..? හැමදේම ගැසට් ගහලා රිවස් කරනවා වගේ සුළුවෙන් තකන්න එපා ඇමතිතුමා..
ඔමික්‍රෝන් ඩෙල්ටා වගේ 500 ගුණයකින් ප්‍රබලයි. දැන් ඒ පිළිබඳව අනතුරු අඟවලා තියෙන්නේ. මේ වගේ මොලේ නැති ඇමතිවරු නිසා තමයි ලංකාව විනාශ වෙන්නේ... හරි නම් වහාම ගුවන්තොටුපල වහලා රට ආරක්ෂා කරන්න වෙනවා. මේක දුපතක් නිසා හොඳම විසඳුම එයයි. දැන් එංගලන්තේ මේක තියෙනවා. ලංකාවට ලේසියෙන්ම එන්න පුළුවන්. ආවොත් ප්‍රසන්න මහත්තයා වගකියනවාද?
මේක අප්‍රිකාවෙන් අපිට එන්නේ මැද පෙරදිග හරහායි. දැනටමත් ඇවිත් ඇති... වෛරසයක් රටකට ඇතුළුවීම පමාවී හෝ සිදුවෙනවා. අනතුරට බුද්ධිමත්ව මුහුණ දිය යුතුයි.