IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මැතිවරණ පැමිණිලි 26 ක්

(විනීතා එම් ගමගේ)

         

රාජ්‍ය ආයතන හතරක නීති විරෝධී අන්දමින් රැකියා ලබා දීම් හා ඉඩම් ලබා දීම් පිළිබඳ පැමිණිලි 26 ක් පැෆරල් සංවිධානයට ලැබී ඇතැයි එම සංවිධානය කියයි.

මහවැලි අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සමෘද්ධි දෙපාර්තමේන්තුව, හා අධ්‍යාපන අමාත්‍යංශයෙහි කි‍්‍රයාකාරකම් පිළිබඳව මෙසේ පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානයේ ප‍්‍රකාශකයකු පැවසීය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මහවැලි අමාත්‍යංශයේ ඉඩම් බෙදා දීම් පිළිබඳව ද, සමෘද්ධි අමාත්‍යංශයේ පරිගණක පුහුණු කරුවන් බඳවා ගැනීම් පිළිබඳව ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියා  ලබාදීම් පිළිබඳව ද, අධ්‍යාපන අමාත්‍යංශයේ විදුහල්පති ශ්‍රේණියට උසස් කිරීම් පිළිබඳව ද පැමිණිලි ලැබී ඇතැයි හෙතෙම කියා සිටියේය.

එමෙන්ම හම්බන්තොට සිරිබෝ පුර ප‍්‍රදේශයේ මීට පෙර බෙදා දුන් ඉඩමක් යළි බෙදා දීමේ සිද්ධියක් ද සූරියවැව හා පොලොන්නරුවේ සිමෙන්ති බෙදාදීමේ සිද්ධින් දෙකක් පිළිබඳව ද පැමිණිලි ඇතැයි කී එම ප‍්‍රකාශකයා ඒ ඒ සිද්ධින් පිළිබඳව වැඩිදුර සොයාබැලීම් සිදුකරමින් සිටින බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාලව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ පැමිණිලි ලැබී නැතැයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.   



අදහස් (0)

මැතිවරණ පැමිණිලි 26 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 434 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site