
(යොහාන් භාසුර)
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස්කිරීමට සමත් වූහ.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ශූරතාව දිනාගැනීමට ඕවරයක ලකුණු 10.75 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 215 ක් රැස්කළ යුතුය.
මෙම තරගයේදී චෙන්නායි පිලට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වන වේග පන්දු යවන මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ක්‍රීඩා කළහ.
මතීෂ පතිරණ ඕවර 4 ට ලකුණු 44 ක් ලබාදෙමින් කඩුලු දෙකක් දවාගත්තේය.
මහීෂ් තීක්‍ෂණ යැවූ ඕවර 4 ට ලකුණු 36 ක් රැස්කිරීමට ගුජරාට් පිතිකරුවෝ සමත් වූහ.
සායි සුදර්ශන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 96 ක් රැස්කිරීමට සමත් විය.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 215 (රිදීමන් සාහා 54, සුබ්මන් ගිල් 39, සායි සුදර්ශන් 96, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 21, දීපාක් චාහල් 38/1, රවීන්ද්‍ර ජඩේජා 38/1, මතීෂ පතිරණ 44/2)
2025 නොවැම්බර් මස 17
78
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
911
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2533
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගුජරාට් ටයිටන්ස් පිල ලකුණු 214 ක් රැස්කරයි