IMG-LOGO

ශ්‍රීමා දිසානායක සමුගනී

ඩයනා උදයංගනී
 
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29) අභාවප්‍රාප්ත වූවාය. 
 
1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූයේ ඇයයි. ඇයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණය ජයගත්තාය. ඡන්ද 2,715,285ක් ඇයට හිමි විය.
 
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ වරුණි තාරුකා මහත්මියගේ මව වූ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය මිය යන විට 77 වැනි වියේ පසුවූවාය.

(පවුලේ ඡායාරූපයක්)



අදහස් (25)

ශ්‍රීමා දිසානායක සමුගනී

චමින්ද Friday, 29 March 2019 01:31 PM

එතුමියට නිවන්සුව ලැබේවා...!!! 

:       188       709

smn Friday, 29 March 2019 02:20 PM

අභාවප්‍රාප්ත වජිරා ශ්‍රීමති දිසානායක මහත්මියට අජරාමර නිවන් සැප ලැබේවා !

:       65       553

Buddika Friday, 29 March 2019 03:04 PM

ඔබතුමිය විශිෂ්ඨ දේශපාලන නායකයකුගේ බිරිඳක්... උතුම් නිවන් සුවය ලැබේවා!!!

:       81       638

NissankaSunday, 31 March 2019 07:16 AM

මියගිය පුද්ගලයින්ට අපහාස කිරීම නුසුදුසු දෙයක් වුවත් කිඩාරම් මල්, නෙලුම්, මානෙල් මෙන් වර්ණනා කර නිවැරදි ඉතිහාසය වල දැමීමට ඉඩ දිය නොහැකිය. විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙන එදා එජාප රජය සිදු කළ ප්‍රමුඛතම සංවර්ධන කටයුත්ත මහවැලි ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ගාමිණි දිසානායක මහතා විසිනි. මහවැලියට වියදම් කළ මුදලින් 12%ක් අස්ථානගත වූ බව ප්‍රසිද්ධ කාරණාවකි. එබැවින් ඔහු මිස්ටර් ට්වෙල් පසන්ට් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. පසුගිය රජයේ ආර්ථිකය මෙහෙය වූ මිස්ටර් ටෙන් පසන්ට් නමින් ප්‍රකට වූ ඇමතිවරයා එවකට ඔහුගේ අමාත්‍යංශයේ නිලධාරියෙකි.

:       228       303

diasSunday, 31 March 2019 02:34 PM

දාලා තියෙන ඩිස්ලයික් වලින් පේනවා බොහෝ දෙනෙකුට ඇත්ත තිත්තයි කියල.

:       1       2

Demuni de silva Friday, 29 March 2019 03:12 PM

මාගේ සාතිශය සංවේගය..!!! නිවන් සුව ලැබේවා..!!!

:       3       525

sirimal Friday, 29 March 2019 03:32 PM

ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක්. ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි දෙපළට අවස්ථාව අහිමි නොකළානම් අපේ රටේ ඉතිහාසය මීට වඩා සුබදායක වෙන්න තිබුණා.

:       169       787

Arjuna Ranawana Friday, 29 March 2019 03:45 PM

එතුමියට නිවන්සුව ලැබේවා...!!!

:       6       495

Prof.M.Sunil Shantha Friday, 29 March 2019 04:38 PM

මගේ බලවත් කණගාටුව...

:       31       52

Ajith krunaapala Friday, 29 March 2019 05:07 PM

වංචා, දූෂණ, චෝදනා නැති හොඳ ලෝකෙක උපත ලැබේවා.!!!

:       0       63

nimal Friday, 29 March 2019 05:59 PM

ඔබට නිවන් සුවය ලැබේවා.

:       1       33

Sarasi Friday, 29 March 2019 06:37 PM

නිවන් සුව පතමි. අපේ රටේ උගත් බුද්ධිමත් දේශපාලක භාර්යාවන් ඉතා විරලය. ඉන්නේ සීගිරි පර්වතය සේ කොණ්ඩය උසට බැඳන් ජනතා බදු මුදල්වලින් යැපෙන , සැමියාගේ දේශපාලක බලයෙන් හතර වරිගය පොහොසත් කරන අඟනුන්ය. ඒ උදවිය දරුවන්ද පිටරට යවා උගන්වා කොතරම් පොෂ්වීමට දැඟලුවත් උපන් ගෙයි ගතිය මතු වී ජනතා අප්‍රසාදයේ ගිලෙති.

:       36       636

Prof. Dr. Edward M Perera Friday, 29 March 2019 10:09 PM

මා ඉතාමත් ප්‍රියකළ ඒ වාගේම 1975 සිට මාගේ සමීපතම මිතුරෙක්ව සිටි දිවංගත ගාමිණි දිසානායක මහතාගේ ආදරණීය බිරිඳ වන ශ්‍රීමති දිසානායක මහත්මියගේ අභාවය පිලිබඳ මාගේ බලවත් කණගාටුව... එම දෙපලගේ දරුවන් වෙත මෙයින් පුද කර සිටිමි. මේ මහත්මියටත් සසර කෙළවර නිවන් සාක්ෂාත් කරගැනීමට වාසනාව ලැබේවා !

:       0       42

sirimal Friday, 29 March 2019 11:29 PM

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් පිටුවේ පළවූ සටහනක් මෙසේ උපුටා දක්වමි. "ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ඝාතනය කිරීම හේතුවෙන් ඒ සටනට උර දීමට ශ්‍රීමා දිසානායක මහත්මියට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට අවාසනාවන්තම මෙන්ම මාරාන්තික වූ ඒ බිහිසුණු අවස්ථාවේ දී ඇයගේ ධෛර්ය සම්පන්න ඉදිරිපත් වීමට ඒ පක්ෂය පසුකලෙක ඇයට දිය යුතු නිසි ගෞරවය දුන්නා දැයි එජාප පාක්ෂිකයාම කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී පවා ඇය ඡන්ද ලක්ෂ 27 කට අධික ප්‍රමාණයක් ලබා ගත්තාය. අන් දේශපාලන වැන්දඹුවන් මෙන් පසුව දේශපාලනයට නොපැමිණි ඇය තම ගෞරවයත් ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ සිය සැමියාගේ ගෞරවයත්, දේශපාලනයට පිවිසි දරුවන්ගේ ගෞරවයත් රැකගෙන ජීවත්වෙමින් රටට දුන් ආදර්ශය වැදගත්ය. තම මෑණියන්ගේ වියෝවෙන් තැවෙන නවීන් සිය පුද්ගලික ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.“පියාණන්ගේ අකල් වියෝවෙන් අප හට නැතිවූ පිය සෙනෙහසේ අඩුව පිරවූ මෑණියනි, මා ඔබගේ වියෝව කෙසේ දරන්නද? ඔබගේ ගුණකීමට හෝ ලිවීමට මගේ වෙවුලන දෑතට, ඉකිබිඳින හදවතට ශක්තියක් නොමැත. ඉතින් අවසරයි, උපදින සෑම ආත්මයකම ඔබේම පුතු වේවා."

:       14       338

Dhammika Perera Saturday, 30 March 2019 12:46 AM

ඉහළින් අගය කල හැකි ආදර්ශමත් මැතිනියකි. අපගේ බලවත් ශෝකය! ඔබතුමියට නිවන් සුව පතමු!

:       22       57

kamal Saturday, 30 March 2019 05:43 AM

වරක් ආසියාවේ පොහොසත්ම අය වුනත් මරණය ජය ගන්නට බැරි විය. හම්බකළ කිසිදෙයක් ගෙන යන්නටත් බැරි විය. නිවන් සුව ලැබේවායි පතමු.

:       720       347

rohan Saturday, 30 March 2019 05:50 AM

එතුමියට නිවන් සුව පතන ගමන්ම.... කෙනෙක් මිය ගිය විටදීවත් එයට ශෝකය පලකරන අයගේ ප්‍රතිචාර වලටත් තමන්ගේ නොකැමැත්ත ප්‍රකාශ කරන ඉතාම පහත් අයට අපගේ විරෝධය....

:       183       376

sandy123 Saturday, 30 March 2019 07:02 AM

නිවන් සුව පතමු මෑණියනි ඔබට... ඇත්තටම මේ මරණයකට සංවේගය පලකළාම නොකැමැත්ත ප්‍රකාශ කරන නොමැරෙන වල් උෟරන් කව්ද?

:       205       324

චමින්දSaturday, 30 March 2019 01:25 PM

ඇත්තටම ඔබේ කථාව හරි... මම මෙහෙම කියන්නම්... කුමක් වුවත් මොකද ඉපදුන රට, ජාතියනේ... ඒත් සලසන්නේ හැම තිස්සෙම තමන්ගෙ බඩේ වාසියයි.

:       100       110

නුවන් Saturday, 30 March 2019 09:36 AM

ලලිත් සහ ගාමිනී දේශපාලනයට එන විට මේ රටේ කෘතහස්ත දේශපාලනය මියගොස් අවසන්‍. ත්‍රස්තවාදීන් ගාමිණී මරා දමන්නේ එජාපයට පමණක් නොව රටටම යම් තරම්වත් සේවයක් කළ හැකියාව තිබුණු දේශපාලන නායකත්වය විනාශ කිරීමේ අරමුණ ඇතිවයි. ශ්‍රීමා දිසානායක අගය කල යුත්තේ ඇය මවක් ලෙස තම පවුල රැකගෙන අනාගත එජාප නායකත්වයට රිසි පුතෙක් රටට දායාද කිරීම නිසා නොවේද?

:       48       198

SamithSaturday, 30 March 2019 10:56 PM

නුවන් කියන්නේ, ගාමිණී, ලලිත්, ප්‍රේමදාස, ගාමිණී ජයසුරිය සහ තවත් ඒ වගේම නොයෙකුත් පක්ෂවලින් පැමිණි ටිකදෙනෙක්වත් කෘතහස්ත දේශපාලකයන් නොවෙයි කියාද. එහෙමනම් ඔබ ඒ සඳහා නම් කරන්නේ කාවද. ගාමිණී දේශපාලනයට පිවිසුනේ 70 මැතිවරණයෙන් නිසා 70න් පෙර පමණද ඔය කියන දේශපාලනය පැවතුනේ. පොදුවේ දේශපාලනය මඩ ගොහොරුවක් වුනත් 70න් පසුව නෙලුම් මල් පිපුනෙම නැද්ද.

:       0       1

Buddika Saturday, 30 March 2019 02:49 PM

මේ වගේ වෙලාවක ශෝකය ප්‍රකාශ කළාම ඒකටත් අකමැති නරුමයන් තාමත් ඉන්නවා.. මේ රට ගොඩගැනීමේ දර්ශනයක් සහ වැඩසටහනක් ගාමිණී දිසානායක මැතිතුමාට තිබ්බා. මහවැලි ජනතාවට අදත් එතුමා දෙවියෙක්... අපේ කාලකණ්ණි දේශපාලකයෝ එදා එතුමාට අවශ්‍ය ආරක්ෂාව දුන්නා නම් එතුමා ජනාධිපති වීම වළක්වන්න බැහැ. මේ මැතිණිය එතුමාට ශක්තියක් වුණා. ඔබ දෙදෙනාටම උතුම් නිවන් සුව ලැබේවා!!!

:       211       370

Jehaan Sunday, 31 March 2019 12:51 AM

ඉතා වැදගත් ජීවිතයක් ගත කල උගත් දේශපාලක බිරියකට නිවන් සුව පතමි. එලිනා ජයවර්ධන මැතිනිය , ඩී බී විජේතුංග මැතිනිය වැනි , නිහතමානි බුද්ධිමත් කුල කාන්තාවන් , බිරියන් වූ යුගය අවසාන වීගෙන යයි. අගමැති යුවලකට පුතෙකු වීත් රට වටේ කාර් රේස් ගිහින්, සමාජශාලා වල , ක්‍රීඩා පිට්ටනි වල පිස්සු නැටුවේ නැති අනුර බණ්ඩාරනායක වැනි පුතුන්, රබර් සෙරෙප්පු දමාගෙන වෝඩ් පෙදෙසේ ඇවිද ගිය රවී ජයවර්ධන වැනි පුතුන් අද නැත. ඉන්නේ කටුස්සාගේ කරේ රත්රන් මාල බැඳීම ඔප්පු කරන උද්දච්ච නෝනලා සෙට් එකකුත් , කිසිම. රැකියාවක් නොකර ජනතා බදු මුදලින් ජීවත් වෙන රස්තියාදුකාර දේශපාලු දරු කැලකුත් පමණි.

:       0       153

SamithSunday, 31 March 2019 08:15 AM

මේ අවස්තාව ශ්‍රීමා දිසානායක මහත්මිය ගැන ශෝකය ප්‍රකාශ කිරීමට සඳහා පමණක් යොදාගනිමු නේද. ඒ මුවාවෙන් අනුන්ට අපහාස කිරීම එතුමියටද කරන අපහාසයකි. ඒ වගේම 1970 ගණන්වල මුලදී වුනු දේවල් නොදන්නා බවද පෙනෙයි.

:       0       15

Rohana Sunday, 31 March 2019 01:35 AM

ආදර්ශමත් චරිතයක්. නිවන්සුව පතමු.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1087 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site