IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


වැලිබල් ෆිනෑන්ස් අම්බලන්ගොඩට

වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන විශ්වසනීය මූල්‍ය ආයතන අතර ප්‍රමුඛයකු ලෙස සිය නවතම ශාඛාව පසුගියදා අම්බලන්ගොඩ දී විවෘත කරනු ලැබුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් වන විශිෂ්ට මූල්‍ය සේවාව තවදුරටත් ඉදිරියට ගෙනයාම අරමුණු කර ගනිමිනි.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සුවිශේෂී වැදගත්කමකින් යුත් අම්බලන්ගොඩ නගරයේ, වික්‍රමසූරිය මාවත, අංක 16 ලිපිනයෙහි පිහිටුවනු ලැබූ වැලිබල් ෆිනෑන්ස් නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා එහි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, ශාඛා කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ එක්ව සිටියහ. අම්බලන්ගොඩ හා ඒ අවට ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් සලසා දෙමින් සිය මූල්‍ය සේවා තව දුරටත් ඉදිරියට ගෙනයාමට මෙම නවතම ශාඛාවෙන් වැලිබල් ෆිනෑන්ස් හට අවස්ථාව උදාවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ සඳහන් කළේය. “සෑමවිටම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවී කටයුතු කරන වැලිබල් ෆිනෑන්ස් සමඟ එක්ව සිටින සුවිශේෂී ගනුදෙනුකරුවන් අපගේ සේවා රටපුරා ගෙනයාමට ඉමහත් ශක්තියක් ලබාදෙනවා. විශේෂයෙන් අපගේ මූලික අරමුණක් වන්නේ මූල්‍ය සේවා ලබාදීමයි. වර්තමානයේ දක්නට ලැබෙන ආර්ථික අභියෝග මධ්‍යයේ අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතභාව ඉහළ නංවා ගැනීමට අපගේ සහයෝගය අවශ්‍ය වන අතරම එය ප්‍රජාවේ උන්නතියටද උපකාරී වනු ඇති බව අපගේ විශ්වාසයයි.”

වැලිබල් ෆිනෑන්ස් 2021/22 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්වූයේ අදාළ කාල පරිච්ඡේදය තුළ සිය ශක්තිමත් බව හා ක්ෂේත්‍රය තුළ සිය පුරෝගාමීත්වය යළි යළිත් තහවුරු කරමිනි. එහිදී 2020/21 මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් බිලියන 2.3 හා සැසඳීමේදී 2021/22 වර්ෂය සඳහා සියයට 67.1 ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 4.7ක පෙරබදු ලාභයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත්විය.

එසේම පැවති ආර්ථික අභියෝග හමුවේ වුවද සිය අක්‍රිය ණය අනුපාතය (NPL) පෙර වසරේ වාර්තා වූ සියයට 4.48 සිට මේ වසරේදී සියයට 2.73 ක් දක්වා ශක්තිමත්ව හා ස්ථාවරව පවත්වාගෙන යාමෙන් වැලිබල් ෆිනෑන්ස් සමාගම තමන් සතු සුවිශේෂී මූල්‍ය කළමනාකරණ ස්ථාවරත්ව  හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත.

සාර්ථකත්වය, ලාභය මෙන්ම කාර්යක්ෂම හා ඵලදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්වූ අප ආයතනය ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශක තුළින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස The Global Economics UKවිසින් පිරිනමනු ලබන ‘Best Finance Company - 2022’ සම්මානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තවදුරටත් සහතික කරමිනි.

595



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් අම්බලන්ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 987 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site