(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
කොරෝනා ආධාර සමෘද්ධි බඩු මල්ල තමාට ලබා නුදුන්නේයයි කියමින් හික්කඩුව පින්කන්ද හදඋඩමූල්ල සමෘද්ධි නිලධාරිනියගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ අයෙකු අද (9) පිංකන්ද ප්‍රදේශයේම සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
සැකකරු සමෘද්ධි නිලධාරිනියගේ පින්කන්ද ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (8 ) යකඩ පොල්ලක් ගෙන ගොස් ඇයගේ නිවසේ වීදුරු ජනෙල් පොඩිකර ඇති බවද පොලීසිය කියයි .
සමෘද්ධි හිමිකම නැති සැකකරු තමාට සමෘද්ධිය ලබා දෙන බඩු මල්ල ඉල්ලා ඇයට තර්ජන කර ඇති බවත් ඉන් පසු සමෘද්ධි නිලධාරිනිය මේ පිලිබදව හික්කඩුව පොලීසියට පැමිනිළි කර ඇත .
තමාට විරුද්ධව පොලීසියට පැමිනිලි කිරීමට උරණවූ සැකකරු මෙසේ සමෘද්ධි නිලධාරිණියගේ නිවසට මැර ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලීසිය කියයි .
මේ මැර ප්‍රහාරයෙන් පසුව ඔහු සැගව සිටියදී අද (9) අලුයම් කාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් සැකකරු අද ( 9 ) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
133
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි නිලධාරීනියට මැර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට
Mahinda Alawathuwela Thursday, 09 April 2020 06:57 AM
මෙතන පිටුපස කුමක්ද සිදුවෙමින් පවත්නේද යන්න සොයා බැලිය යුතුම වෙනවා. මොකද බොහෝමයක් ඔය සමෘද්ධි නිළධාරීන් අවංක නැහැ. ඔවුන් සමෘද්ධි ආධාර සඳහා නිර්දේශ කරන්නේ තම හිතවත් කම් සහ දේශපාලන හිතවාදීන්ට සහ නුසුදුසු අයටයි .