සිරිනිහාල් ගමගේ
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන් ගත් ජීප් රථය අද (23)සවස බද්දේගම නයාපාමුල අධිවේගී මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී රිය අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම ජීප් රථය නාගොඩ දෙස සිට බද්දේගම දෙසට ගමන් ගැනීමේදි මෙම අනතුර සිදුවී ඇති බවත් මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.
මෙම අනතුරින් විදුලි රැහැන් කනුවට හා විදුලි රැහැන් පද්ධතියට අලාභ හානි සිදුවී ඇත .
අනතුර වන අවස්ථාවේ හිටපු මන්ත්‍රි වරයා පමනක් ගමන් ගෙන ඇති බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

COMMENTS
වෙසල් එකේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීලත් ඉන්නවද?
අපරාදෙ මහජනතාවගේ සල්ලි...
මෙවැනි විදුලි කණුවක් කැඩිලා බිමටම වැටෙන්න තරම් වේගයකින් ඇවිත් තියෙන්නේ. එකියන්නේ " වල් අලියෙක්වත් " පස්සෙන් එලවලද දන්නේ නැහැ.... කෙසේ වෙතත් මෙම මහජන දේපොළ හානියට කවුද වග කියන්නේ...? කවුද මෙහි ඇතිවී තිබෙන හානිය යතා තත්වයට පත්කිරීමට අවශ්‍ය බරපැන් දරන්නේ? මහජනතාවට සේවය කිරීම සදහා අධිවේගයෙන් ගිය මොහු මේ සියල්ලටම තමන්ගේ මුදල් වැයකර නිසිලෙස නැවත සැකසීම කල යුතු නොවේද?
අත්‍යවශ්‍ය සේවාවකට යන්න ඇති ....
දුකක් නැහැ මන්ත්‍රී කෙනෙක් නිසා...
ශ්‍රී ලංකික දේශපාලුවන් කෙරෙහි දැඩි පිළිකුලෙන් සහ වයිරයෙන් සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වන අපිට දැනගන්න ඕනා වුනේ එක දෙයයි.. කුමක් වුණාදැයි දැනගන්න. නමුත් අන්තිමේදී අපේ අපේක්ෂාවන් බොඳවී ගියා..
කණමදයා වගේ බීලා පියාඹන්න යන්න ඇති...
තවම පන තියෙනවද? අපරාදේ!
ෂිහ්.. අපරාදේ..
ඕවා මොනාද මෙයාලට? කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ. වෙන වාහනයකින් ගෙදරත් යන්න ඇති. දැන් ඔය කණුවට අපිනේ ගෙවන්නේ. ඒ මදිවට ඕක හදනකන් ලයිට් නැතුව ඉන්න ඒ අවට පළාතේ මිනිස්සු?
අව්ලක් නැහැ.
රිචඩ් පතිරණ මහතාට පිංසිද්ධවෙන්න දේශපාලනයට ආපු කෙනෙක්.
දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති....
ඔබට ඉක්මන් සුව....