(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල මාමුණුව ප‍්‍රදේශයේදී අද (30) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
කුරුණෑගල දෙස සිට පාදෙණිය දෙසට ගමන් කරමින් තිබූ තෙල් බවුසරයක ඊට විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ඉදිරිපස අසුනේ ගමක් කළ කාන්තාවකි. මෙම පිරිස අඹන්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරු වාරියපොල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි අතර කාන්තාව වාරියපොලින් කුරුණෑගල ශික්ෂණ රෝහල කරා ගෙනයමින් සිටියදී මිය ගොස් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd