(අංජුල මහික වීරරත්න)
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලයේ අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාල පාර්ශ්ව වෙත උපදෙස් දුන්නේය.
COMMENTS
අනේ අපේ රටේ අපිට නිදහසේ ඉන්න දීපල්ලා. ඔබලාගේ දේශපාලන වාසියට දෙමළ ජාතිවාදීන්ගේ ඡන්ද ගන්න කරන මේ විගඩම් හින්දා අපේ දරු මුනුපුරු පරම්පරාවට මහා විනාසේකට මුහුණ දෙන්න වෙන ඒක නම් ස්ථිරයි. අනාගතයේදී රටේ නැති ගිනි ඇවිලෙන විදියට විකාර කරන්නේ නැතුව ඉන්න කාලයක් ඉඳලා මකබෑවිලා පලයල්ලා. අපි ඔබලාට ඕවා කරන්න තියා වෙන මොන මල ඉලව්වකටවත් එක ඡන්දයක් දුන්නේ නැහැ...!
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගෙනාවා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. අපි ගෙනාවේ නෑ පිනට පත්වෙච්චි කෙනෙක්... ඉතුරු ටිකත් නැති කරළාම යයි...
ඔබලාට බලෙන් සංහිඳියාව ඇති කරන්න බැහැ. සිංහල රටෙන් 2/5ක් ඉල්ලන දෙමළුන් සමග අපිට මොන සංහිදියාවක්‌ද රනිල්...?