IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ෆීනික්ස් සමාගමට Great Place to Work තත්ත්ව සහතිකය

රටවල් 60කට වැඩි ගණනක සමාගම් දහස් ගණනක් අධ්‍යයනය කර ඒවායේ සේවා ස්ථාන සංස්කෘතිය අගයන Great Place to Work ආයතනය විසින් ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන ෆීනික්ස් සමාගම සේවය කිරීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස සහතික කරන ලදී. මෙම සහතිකකරණය සමඟම ෆීනික්ස් සමාගම ලොව විශිෂ්ටම ආයතනයක් බවට පත් වේ.

සිය සේවක මණ්ඩලය තම සමාගමට සුවිශාල සම්පතක් ලෙස ෆීනික්ස් සමාගම විශ්වාස කරයි. සේවකයන් සිය විශාලම වත්කම ලෙස සළකන ෆීනික්ස් සමාගම සේවකයන් අතර අන්‍යොන්‍ය ගෞරවය, විශ්වාසය සහ සහයෝගීතාව වර්ධනය වන ආයතනික සංස්කෘතියක් ඇති කිරීමට උත්සාහ කරයි. ඉහළ වන්දි ප්‍රතිලාභ, සෞඛ්‍ය රක්‍ෂණය සහ වැටුප් ගෙවන නිවාඩු ඇතුළු ප්‍රතිලාභ මෙන්ම වෘත්තීය සංවර්ධනය සහ වෘත්තීය දියුණුව සඳහා ෆීනික්ස් සමාගම සිය සේවකයන්ට විවිධ අවස්ථා පිරිනමයි.

Great Place to Work ආයතනය විසින් පිරිනමන ලද සහතිකය ෆීනික්ස් සමාගම ධනාත්මකව සියල්ලන්ටම ප්‍රතිලාභ ලැබෙන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැප වී සිටින බවට උදාහරණයකි. Great Place to Workආයතනයේ සහතිකකරණ ක්‍රියාවලියට නිර්නාමික සේවක සමීක්ෂණයක් සහ සමාගමේ ප්‍රතිපත්ති, භාවිතය සහ සංස්කෘතිය පිළිබඳ විගණනයක් ඇතුළත් වේ. Great Place to Workආයතනය සිදු කළ විගණනයෙන් ලැබෙන තොරතුරු සමාගම තුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කර ඇත. ෆීනික්ස් සමාගම තම සේවකයන්ට පෞද්ගලික සහ වෘත්තීයමය වශයෙන් දියුණු වීමට සහ වර්ධනය වීමට අවශ්‍ය සහයෝගය, සම්පත් සහ අවස්ථා අඛණ්ඩව සපයමින් Great Place to Work ආයතනය විසින් සහතික කරනු ලැබූ සමාගමක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අපේක්ෂා කරයි.

595



අදහස් (0)

ෆීනික්ස් සමාගමට Great Place to Work තත්ත්ව සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site