(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනිගෙන පිළිස්සී මිය ගිය බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ "මගේ මරණයට හේතුව" යනුවෙන් සඳහන් වැකියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉංග්‍රීසි භාෂාවෙ අක්ෂරවලින් දෙමළ අර්ථයක් දැක්වෙන ආකාරයෙන් සඳහන් කර තිබූ එම වැකිය සම්බන්ධයෙන් මෙම මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ය.
"එන් සාඋ කාරනම්" යනුවෙන් අදාළ වැකිය සහිත බිත්තියේ ඡායාරූප ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇති බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
අදාල වැකිය සහිත බිත්තිය ඊයේ (02) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විමර්ශකයන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ බවද හෙතෙම පැවසීය .
එම දැරිවියගේ පාසල් පොත් කිහිපයක්ද විමර්ශ ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇති අතර, බිත්තියේ සටහන්ව තිබූ එම වැකිය ඇය විසින්ම සටහන් කළ එකක්දැයි යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා අදාළ පොත්පත් ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වන අතර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල අධිකරණ විශේෂඥ මණ්ඩලය ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
COMMENTS
මේ වැනි අහිංසක, දුප්පත් දැරියන් යොදාගෙන සියලු පරවැඩද කරගෙන, කාමාශාවන් ද ඉටුකරගෙන, හැකිතාක් වද බන්ධනවලට ලක්කොට, අවසානයේ ගිනිතබා මරා දැමීම තිරිසනුන්ට හෝ කළ නොහැකි දේවල්... අරාබිකරයේ ගෘහ සේවිකාවන්ට පරාල ඇණ ගසා ඒ වන්නේත්, මේ වැනි මානසික විකෘති ඇති අය කියා තමයි පේන්නේ. සතුන්ට වද හිංසා පමුණුවා මරණයට පත්කරන මිනිසුන් අනතුරුව ඒවා මිනිසාටද කරනවා. සත්ව හිංසාව නොකළයුතු දෙයක් සේ නීති පොත්වල ඇති සේ පෙනෙතත්, ඒවාට නිසි පිළියම් යෙදේ නම්, මේ වැනි දේ පාලනය වේවි...!!!
ඉතින් ඇයි දැන් අපිට බැරි? මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් කියා නිගමනය කරන්න. මොකටද තව පරීක්ෂණ? හැමෝම ගොඩ...
අවසානයේ මෙසේ විය. පාසල් පෙම් සම්බන්දතාවක් නිසා ඇය විසින්ම ඇයට ගිනි තියා ගන්නා ලදි. දැන් ද ඔය වාක්‍ය දැක්කේ.
වැරැදිකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. ළමා අපරාධවලට මරණ දඬුවම ලබාදිය යුතුයි..
මීට කලින් මෙම කාමරය බලන්න කී දෙනෙක් ගියාද? අර ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමිය කීප වතාවක් ගියා. පොලිසියට අපැහැදිලි වුණත් අපට නම් පැහැදිලියි මේක ඇය සියදිවි හානි කරගත්තා කියලා ඔප්පු කරන්න හදපු දෙයක්. කොහොමටත් පොලිසිය රිෂාර්ඩ්ගේ පැත්තේ.