
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2020 සහ 21 වර්ෂවල සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා මූල්‍ය හා මූල්‍ය අවභාවිතාවන් ගණනාවක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවූ එහි හිටපු ලේඛකාධිකාරීවරයාට රුපියල් ලක්ෂ 65 ක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු අනාවරණය විය.
එම නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු විය.
රජයේ මඟින් ලබාදෙන ශිෂ්‍යත්ව වලින් අධ්‍යාපනය සඳහා විදේශගත වන ආචාර්යවරුන් අදාල විශ්වවිද්‍යාලයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳවද මෙම කමිටුවේ දී සාකච්ඡා විය.
එහෙම හිඟ මුදල් නිසි ලෙස අයකර ගන්නැයි කමිටුව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග කළේය. ඔවුන්ගේ විදේශ පුහුණුවෙන් පසු අමු වශයෙන් වසර පහක කාලයක් ශ්‍රී ලංකාවට පැමිණ මෙරට විශ්ව විද්‍යාලයන්හි සේවය කිරීම සඳහා උපදෙස් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd