(නාලක සංජීව දහනායක)
ඉකුත් රජය සමයේදී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිදුව ඇතැයි පැවැසෙන සේවක බඳවාගැනීම් හා මූල්‍ය ගනුදෙනු ඇතුළු විවිධ අක‍්‍රමිකතාවයන් සෙවීම සඳහා කොමිසමක් පත්කරන්නැයි එහි වෘත්තිය සමිති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
ජාතික චිත‍්‍රපට සංස්ථාව, මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක්ව තිබියදී ජනාධිපතිවරණ සමයේදී නවක සේවකයන් 35 දෙනෙකු බඳවා ගැනීම සහ එම සම්මුඛ පරීක්‍ෂණ සඳහා රුපියල් ලක්‍ෂ 34ක මුදලක් වියදම් කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම ජාතික චිත‍්‍රපට සංස්ථාවේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ඇස්තමේන්තු ගත නොවී ගිවිසුම් රහිතව ඉදිකිරීම් කටයුතු කිරීම, ජනාධිපතිවරණ සමයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් තනතුර සදහා නීති විරෝධීව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා වර්තමානයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයායෙග් ඥාතියකු බදවා ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොතකා ඊ.ඒ.පී සමාගමට විදේශීය චිත‍්‍රපට අනායනයන කිරීමේ බලපත‍්‍රය ලබාදීම ඇතුළු වංචනික ක‍්‍රියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙසද වෘත්තීය සමිති එම ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.
කැලණිය දළුගම චිත‍්‍රාගාරයේ සංස්කරණ මැදිරිය සදහා නියම වටිනාකමට වඩ වැඩිපුර මුදල් ගෙවමින් (මිලියන 30) තාක්‍ෂණික උපකරණ මිලදී ගැනීම (උපකරණවල නියම වටිනාකම රුපියල් මිලියන 17) වේ. එමෙන්ම ඉන්දියාවේ පැවැති චිත‍්‍රපට සංරක්‍ෂණ වැඩමුළු 3ක් සදහා නුසුදුසු සේවකයන් තෝරා යැවීම සහ විදේශීය චිත‍්‍රපට ආනයන කිරීමේදී රේගු ගාස්තු නොගෙවීමෙන් රුපියල් කෝටි ගණණක මුදලක් රජයට අහිමිකිරීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා කඩිනමින් කොමිසමක් පත්කරන ලෙස වෘත්තීය සමිති එම ලිපිය මගින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
චිත්රපට සංස්ථාවේ සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමට කොමිසමක් ඉල්ලයි
ranjith Wednesday, 12 February 2020 11:45 AM
කොමිෂන් වලට වියදම් කරන මුදල්වලින් වැඩක් වෙනවද මහබැංකු හොරකමට, කොමිසන්වලට මොනතරම් මහජන මුදල් වියදම් කළාද? තවම හොරුන්ට දඬුවම් දෙන්න කිසිම උවමනාවක් නෑනේද?