(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද (21) උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී එම පක්ෂයේම ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු ගුටි බැට හුවමාරුවක දී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි දෙනියාය පොලීසිය පවසයි.
ඒ අනුව දෙනියාය රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත්තේ එම රැස්වීම සංවිධානය කල පාර්ශ්වය නියෝජනය කල කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා නිපුන රණවක මහතාගේ ආධාරකරුවෙකු වු ජීවන් ලංකාතිලක යන තිදෙනායි.
එම දෙපාර්ශ්වයම මේ පිළිබඳව දෙනියාය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙනියායේ පොහොට්ටුවේ ආධාරකරුවන් සමග ගැටුමෙන් තුනක් රෝහලේ
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 03:19 PM
ඔන්න යුද්ධය පටන් ගත්තා .. දැන් ඉතින් දෙපිල තුන්පිල බෙදිලා ඇනකොටා ගනීවි.. ගහමරා ගනීවි.. වැද්දන්ට ප්‍රජාත්ත්‍රවාදයෙහි ඇති වටිනාකමක් නොදැනේ..
Mr Don Sunday, 21 June 2020 06:58 PM
වහල්ලු වහල්ලු ගුටිබැට දීම්... හරි ෂෝක්...
ranjith Sunday, 21 June 2020 11:21 PM
මෙවන් පුද්ගලයින්ද රට හදන්න යන්න යන්නේ...?
Bhanuka Monday, 22 June 2020 02:16 AM
පොහොට්ටුව චන්ද ප්‍රචාරක වැඩ පටන් අරගෙන. මේ වගේ මිනිස්සු තමයි රට හදන්න එන්නේ.