IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක්



(ඩයනා උදයංගනී)

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින් වෙනුවෙන් නිල රාජකාරී හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


නුදුරේදීම හඳුන්වාදීමට නියමිත මෙම නිල වෘත්තීය හැඳුනුම්පත ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය යන සේවාවන්හි නිරත සියලු නිලධාරීන් වෙත ද ලබා දෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
මෙම වෘත්තීය හැඳුනුම්පත නවීන තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය වන අතර එමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිරතවන සියලු වෘත්තිකයන්ට විශේෂ සහන සේවා රැසක් ලබා දීමට ද  සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.

විවිධ නොසලකා හැරීම් හා වෘත්තීය දුෂ්කරතා මධ්‍යයේ  ශ්‍රී ලාංකේය අනාගතය වන ලක්ෂ 45කට අධික සිසු දූ පුතුන් නැණ, ගුණ බෙලෙන් බලගැන්වීම උදෙසාතම වෘත්තීය දිවියම කැප කරන අධ්‍යාපන වෘත්තිකයින්ට වෘත්තීමය අනන්‍යතාවක් ලබාදීම ජාතික යුතුකමක් හා වගකීමක් බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.  

මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීකයින් බහුතරයකට හිමි නිල රාජකාරී හැඳුනුම්පත සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබාදෙන ගෞරවනීය වෘත්තීකයින් වෙත මෙතෙක් කල් හිමි නොවීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් ඇතුළු අනෙකුත් වෘත්තීකයින්ට මෙන්ම මෙරට ගුරුභවතුන් ඇතුළු සමස්ත අධ්‍යාපන වෘත්තීකයින්  වෙත ද ඔවුන්ගේ වෘත්තීය දායකත්වයට නිල වටිනාකමක් එක්කර දීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ සඳහා  අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමති අලහප්පෙරුම මහතා කීවේය.



අදහස් (0)

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site