IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ පෙත්සම ඉවතට

(තිළිණි ද සිල්වා)
 
සිය නීතීඥභාවය වසර තුනක කාලයකට අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළ හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් රුපියල් මිලියන 100ක් බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර තිබූ  පෙත්සමක් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය.
 
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
 
පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරි කැඳවූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළි ගනිමින් පෙත්සම ප‍්‍රතික්ෂේප කරන ලදී.
 
හිටපු අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දී ඇත්තේ පෙත්සම්කරුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි කැඳවා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව බවත්  එලෙස ලබා දුන් නියෝගයකට එරෙහිව නඩුවක් පැවරීමේ නීතිමය අයිතියක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සිය මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් කියා සිටියාය.
 
එකී නියෝගය අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ විනිසුරුවරුන්ට ලබා දී ඇති නෛතික බලතල ප‍්‍රකාරව නිකුත් කළ රාජකාරීමය නියෝගයක් බවත් කුමන පනතකින් හෝ එකී නියෝගය අභියෝගයට ලක් කිරීමේ අයිතියක් පෙත්සම්කරුට නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරියා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවාය.

එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් එය ප‍්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.
 
වසර තුනකට නීතිඥභාවය තහනමකට ලක් වී සිටින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස  හිටපු අගවිනිසුරු නලීන් පෙරේරා, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
 
නාගනන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ වගඋත්තරකාර විනිසුරුවරු සිය බලය අවභාවිතයට ලක් කරමින් තම නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට කටයුතු කළ බවයි.
 
ඒ තුළින් වගඋත්තරකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රඥප්ති පනත යටතේ වරදක් සිදුකර ඇති බැවින්  හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් රුපියල් මිලියන 100ක් බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නාගනන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.



අදහස් (6)

නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ පෙත්සම ඉවතට

ratne Thursday, 09 May 2019 04:16 PM

ජනතාවට ආරක්‍ෂාව, නීති රීති, දේශපාලනය, වැනි රටේ කිසිම දෙයක් පිළිබඳව විශ්වාසය නැතිවෙමින් යනවා. නමුත් වංචනිකයින්, ත්‍රස්තයන්, බොරුකාරයින් වැන්නන් සඳහා රට සම්පූර්ණ යෙන්ම යෝග්‍ය මෙන්ම ආරක්‍ෂිත බවක් ඇති බව පෙනී යනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ ආර්ථිකය දැන් තිබෙන තත්ත්වයට ගෙන ඒමට රටවැසියන් හා නායකයින් කැපවූ ආකාරය ආදර්ශයට ගනිමින්, ලංකාවේ සියළුම අංශවල පෙරලියක් සිදුවිය යුතු අතර ඒ සඳහා ත්‍රස්තවාදය, වංචාව, නාස්තිය නැති කිරීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට සියළු දෙනා කැප විය යුතුය.

:       11       255

sanaFriday, 10 May 2019 09:59 AM

ජපානයේ මිනිසුන් එසේ වැඩ කළ බව සෑබෑවක් විය හැක, නමුත් ලෝක යුද්ධයට පෙර සිටම ජපානය ආර්ථික හා යුධ බලවතෙකුව සිටි අතර ඔවුන්ට සිදු වූයේ පෙර සිටි තත්ත්වයට යළි පත් වීමේ අභියෝගයකි. අනෙක් අතට ඔබ කියනා ඔය ජපනා අද තරුණ ජපන් පරපුරේ නැත.

:       0       0

Sameera Thursday, 09 May 2019 08:28 PM

ගෙවන්න පුලුවන් ගානක් ඉල්ලන්න එපැයි

:       108       78

විශ්වා Friday, 10 May 2019 04:35 AM

මෙයා අත ගැහුවොත් යමක් ඉවරයි.....

:       107       12

රෝවිල් Friday, 10 May 2019 04:55 AM

මේක විහිළුවක්

:       1       5

amila Friday, 10 May 2019 05:03 AM

හිතන තරම් ලේසි නෑ වැඩේ, අපි ඔයාගේ පැත්ත අරන් අපිත් පීචන් වෙයි ද මන්දා? "දේෂේ හැටියට බාසේ කිව්වලු,"

:       41       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 213 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site