(අනීෂා මානගේ)
පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් දරුවන් දෙදෙනාගේ ඥාතීන් අතර සිදුවූ පහරදීමක් අතරතුර ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, කාන්තාවන්සිව් දෙනෙකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය බෙලිවලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ 13 දෙනෙකි.
දැනට මාස කිහිපයකට පමණ ඉහතදී පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර ආරවුලක් ඇති වී තිබූ අතර මෙම ගැටළුව දරුවන්ගේ ඥාතීන් අතරට ද යාම නිසා ඔවුන් දෙපිරිස ද දිගින් දිගටම ආරවුල් ඇති කර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඔවුන් දෙපිරිස අතර නෙටොල්පිටිය බෙලිවලගොඩ ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන ඇති අතර එහිදී එක් දරුවකුගේ පියෙකු ටී 56 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක් රැගෙන අනෙක් පාර්ශවය දෙසට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.
එහිදී අනෙක් පාර්ශවය විසින් ගිනිඅවිය උදුරාගෙන එය රැගෙන ගොස් තංගල්ල මූලස්ථාන පොලිසියට බාර දී තිබේ. එම අවස්ථාවේදී දෙපිරිස අතර පහරදීමක් ද සිදුව ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 13 දෙනකු අත්අඩංගුවට ගත්හ. මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පරෙවියන්ට ගැටී 13 ක් අත්අඩංගුවට
Prabha Wednesday, 31 July 2019 05:10 AM
ඕක ඉතින් ඔය පැත්තේ වැරැද්ද?