(කේෂර ගුණතිලක)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද (14) අලුයම පොල්ලකින් පහරදීමකින් විශ්‍රාම පූර්ව නිවාඩු ලබාසිටි යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මොනරාගල බටුගම්මන දෙබැද්දේකිවුල පදිංචි බී.එස් සුරංග ඉන්ද්‍රජිත් වීරකෝන් (42) නැමති තිදරු පියෙකි.
ඔහු යුද හමුදාවේ සේවය කර විශ්‍රාමයාම සඳහා විශ්‍රාමපූර්ව නිවාඩු ලබාගෙන නිවසට පැමිණ සිටියදී බීමත්ව බිරිඳට සහ දරුවන්ට බැනවදිමින් පහරදී ඇත.
ඒ අසල පදිංචිව සිටින බිරිඳගේ බාල සහෝදරයා පැමිණ මස්සිනාට රණ්ඩු නොවන ලෙස අවවාද කැර ඇත.
එම අවස්ථාවේදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී බිරිඳගේ මල්ලී මස්සිනාට පොල්ලකින් පහරදී ඇත.
යුධහමුදා සෙබලා එම පහරදීමෙන් නිවස ඉදිරිපිට මිදුලේදීම මියගොස් ඇත.
මෙම ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) පැවැත්වීමට නියමිතව තිබිණි.
සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
44
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
342
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මස්සිනාගේ පොලු පහරකින් විශ්‍රාමික යුද හමුදා සෙබළා මරුට