(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.

තවදුරටත් පාර්ලිමේන්තුවේ ඒ පැත්තෙන් හා මේ පැත්තෙන් කෑ ගහන පාර්ලිමේන්තු සංස්කෘතිය සමඟ තවත් ඉදිරියට යන්න බැරි බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ  අග්‍රාමාත්‍යවරයා කීවෙි  අන්තිම කාන්තාව ලෙස මේ රටේ සෙනෙට් සභාවේ නියෝජ්‍ය කථානායක ලෙස සිටියේ තම අම්මගේ නැන්දම්මා වන ඇඩ්ලින් මොලමුරේ බවත් ඉන්පසු කවුරුවත් මේ තනතුරු වලට ඇවිල්ලා නැති බවත්ය.