( ටී.කේ.ජී.කපිල )

පාකිස්තානයේ, සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී, ඉකුත් 03 වැනි සිකුරාදා පහර දී මරා, පුළුස්සා දැමූ ශ්‍රී ලාංකික කළමනාකරු දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ භෂ්මාවශේෂ අද (06) සවස 05.10 ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .