IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නෑ‘‘

(නිමල කොඩිතුවක්ක)

පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයක් ලැබෙන බව දන්නා ආණ්ඩුව මුදල් නොමැති බව කියමින් මැතිවරණය මඟ හැරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනතාව පිට අධික බදු බරක් පටවමින් බඩු මිල වැඩි කරමින් මැතිවරණය නොපවත්වන්නට කටයුතු කරන ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. බණ්ඩාරගම නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද කීවේය.

“වර්තමාන රාජපක්ෂ සෙවනැලි අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විදුලි බිල වැඩි කරන බදු ගසන, මිනිසුන් විනාශ කරන, බඩු මිල වැඩි කරන, ජනතා විරෝධී මේ ආණ්ඩුවට මැතිවරණය තිබ්බොත් බඩුත් අරන් ගෙදර යන්න සිද්ධ වෙනවා. අද මේ අලි පොහොට්ටු ආණ්ඩුවේ එකම අරමුණ ඡන්දය කල් දැමීම පමණයි. මැතිවරණයට බාධා කරන සියලුම ක-ුමන්ත්‍රණකාරීන් අධිකරණය හමුවට ගෙන ඒමට අපි කටයුතු කරනවා.

අද රටේ ප්‍රශ්න දිහා බැලුවම ඒවා විසදන්න පුළුවන් කාටද කියන එකට උත්තරය සමගි ජන බලවේගයයි. නිර්මාණශීලී වැඩපිළිවෙළක් තුළින් සුපුරුදු රාමවකට කොටු නොවී අලුතින් සිතා ජාත්‍යන්තරය එක්ක ධනවත් රටවල් සමග එකතු වී රටට සම්පත් ලබා ගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක කරන සමගි ජන බලවේගයේ මැද මාවත තමයි මේ රට ගොඩ ගන්න පුලුවන්.

ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියට ගියාම මේ රටේ නිෂ්පාදනය ධනය උත්පාදනය ව්‍යාපාර සියල්ලක්ම කරන්න පුළුවන් රාජ්‍යයට විතරයි කියා එහි සඳහන් වෙනවා. ඒ අනුව දැන් මේ නගරයේ කඩ ටික, ඉඩකඩම්, සම්පත් පවා රජයට අයිතියි. අපේ රටේ අති මහත් බහුතරයක් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන ආයතන බවට ඔප්පු වෙලා. මේ රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරන ඒ ආයතන නඩත්තු කරනවා දැනටමත්. ඒ නිසා මේ වගේ ක්‍රමයකින් රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන්ද කියලා මම අහනවා. සමහර අය හිත හිටියා නම් ජනතා විමුක්ති පෙරමුණ තමයි රටට විසදුම කියලා මේ ප්‍රතිපත්ති වලින්ම ඒ පිළිබඳ අවබෝදයක් ලබා ගත හැකිය.

අද අපේ තාරුණ්‍යය ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටියත් පාර්ලිමේන්තුව ඇතුළේ රට කෑව හොරු 134ක් එකතු වෙලා රට කාපු රාජපක්ෂ හොර නඩය රකින පුද්ගලයකු ජනාධිපති ලෙස පත් කළා. කිසිම සිස්ටම් චේන්ජ් එකක් වුණේ නැහැ. එකම දෙයයි වුණේ රාජපක්ෂලා විනාශ කළ රටේ වන්දි ගෙවන්න වුණේ ලක්ෂ 220ට. ඔවුන් ඉහළ මාලයේ සිට ජනතාවට කියනවා වන්දි ගෙවන්න කියලා. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට සැනසීමක් නැහැ. දුවා දරුවන්ට පොත් ටික, පාසැල් උපකරණ අරන් දෙන්න නැහැ. රට කාපු රාජපක්ෂලාට මේ ප්‍රශ්න නැහැ. ඔවුන් සුරසැප ජීවිතයක් ගත කරනවා. රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ රාජපක්ෂ රජ පවුල ආරක්ෂා කරන්න ඕන කියන එකයි මේ රජය හිතන්නේ

කිසිම හිතක් පපුවක් නැතිව විදුලි බිල සියයට 250කින් ඉහළ දමනවා.”මේ ජන පීඩිත ආණ්ඩුව පන්නා දැමීමට ක්‍රමයේ වෙනසක් ආරම්භ කිරීමට අපි දැන්වත් පටන් ගමු. අපිට අහිමි කරන්න යන පළාත් පාලන මැතිවරණ කෙසේ හෝ පවත්වා ගෙන එහි විශිෂ්ට ජයක් ගෙන මේ ක්‍රමයේ වෙනසක ඇති කරමු” යැයිද විපක්ෂ නායකවරයා එහිදී කීවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සහ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (0)

‘‘ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 185 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2068 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site