(බිඟුන් මේනක ගමගේ)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේ ප්‍රධාන දෙසුම කරමින් පැවැසීය.
තම පාලන කාලයේදී ආණ්ඩුවට සිදුකළ ලොකුම හූනියම මහ බැංකු කොල්ලය යැයි ද එහි වගඋත්තරකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර කීය.
පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු වී යැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.
අද දිනයේදී මෙසේ ආරම්භ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව බලවත් කරන මානවවාදී ව්‍යාපාරය යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග 2020 දී ආණ්ඩුව හදන්නේත් සිය පක්ෂය යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
එයාපෝර්ට්, පාරදිගේ ඇවිද්දනවා. මඩු වලිග, කඩුත් මතක්වෙනවා මහත්තයෝ.. ඇයි ගිය ආණ්ඩුවේ අල්ලපු හොරු තොගයත් මතක් වුණා.. ඡන්ද කිට්ටුවෙනකොට උඩ එන ඡන්ද නැති වෙනකොට යටයන අමුතු සිද්ධි..
‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘ගෙනල්ලා නිදොස් කොට නිදහස්. ඡන්දෙ ලං වෙනකොට ඔක්කොමලා වීරයෝ. රජ වැඩකාරයන්. ජනතාවත් රතු, කොළ, නිල් මෙකී නොකී පාටවලට බෙදිලා රතට වඩා කොළ හොඳයි, කොළට වඩා නිල් හොඳයි, කහයි කොළයි එකතු වුණාම කොහොමත් නිල් තමයි, අපි කැපුවත් ...තමයි. අවසානේ ජීවත්වෙන ටික කාලෙට එක එකා රජ කරලා තමන් දුක් විඳලා මැරිලා යනවා. වෙන්න ඕනේ එහෙම නොවෙයි. තම තමන් කැමති පාටට ඡන්දෙ දීලා කවුරුහරි බලයට ආව දවසේ ඉඳලා සියලු දෙනා එකතුවෙලා බලයට ආව එකාව හරි පැත්තට තල්ලු කරන එක. ඒත් එහෙම වෙන්නේ නෑ. පැරදුණු එකාට දිනුව එකා කරන හැමදේම වැරදි... දිනුව එකාගේ අයට තමන්ගේ දිනපු එකා කරන ඕනේදෙයක් හරි. අපි තවමත් හරිම නොදියුණු ජාතියක්. ඒක උගත් නූගත් සැමදෙනාට වලංගුයි. කිසිම කෙනෙකුට තමන්ගේ දැක්මක් නෑ. හරිම කණගාටුයි. එහෙම දෙයක් තේරෙන්නෙත් නෑ...
ඇයි දැන් කුඩුකාරයන් ඔක්කොම එල්ලුම්ගස් යවලා ඉවරද..?
ඔන්න ඊළඟ මෙගා නාටකය.. හැමෝම සාලේ සැටියේ වාඩිවෙලා බලා ඉමු.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වලා කටු ඉඹුලේ නග්ගන හැටි.., අර මදූශ්ලාව නැග්ගුවා වගේ...
මොකද මේ හැමෝම නින්දෙන් නැගිටලා වගේ... හරිම උද්යෝගයෙන් වැඩ දැන් නම්. මිනිස්සු ඔච්චර මෝඩ නැහැ දෙයියනේ... අවුරුදු 5ක් ඇතුළත කරන්න තිබ්බ දේවල් මේ මාස 3,4 ට කොහොමද කරන්නේ?
2015 මැතිවරණ පොරොන්දුව කොහෙද විසිකලේ?
එහෙම මිනිසුන් ලංකාවට ගෙනැල්ලා දඬුවම් දෙන්න පුලුවන් කෙනෙකුට රට බාර දීලා ගෙදර යමු නේද මහත්තයෝ?
මෙයත් අපේ සූත්තර පුංචා වගේම "නාන තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගත්ත ගමන්මයි " ඉන්නේ.. අනේ හැබෑට අපේ පතෝල මුදලාලිටත් ගිය කල අම්මපා...
අවුරුදු 4රා මාරක් පොල් ගෙඩියක් හිටවලා ඒ ගහේ ගෙඩියක් කඩලා ලෙලිගහලා, බිඳලා පොල් ගාන්නලු හදන්නේ... මේක තමයි අවුරුදු *හතරා මාරේ* කතාව
කට අරුයොත් ටොම් පච... අවුරුදු හතරාමාරක් ගියා ඔය කතාව කියන්න.
මේ වගේ වාචාල කතා කියන්න මෙයාට මතක් වුනේ ජනාධිපතිවරණය ලංවෙන කොට වීම ඇත්තෙන්ම හාස්‍යජනක කතාවක් නොවේද? ඔය සිද්ධිය වෙලා දැන් වසර කීයක් ගත වුණාද? එදා මෙදා තුළ මෙයා නිදි වැදිලද හිටියේ? දැන් මෙයා හූනියම් කපන කට්ටඩියෙක් වෙලාද? රනිල් මැතිතුමාගේ රජයේ දූරදර්ශී වැඩසටහන් රාශියකට "කකුලෙන් අදිමින්" වින කළ සිරිසේන දැන් එයාගේ බැරිකම අගමැතිතුමාගේ පිට දැමීමට කරන මෙවැනි මුග්ධ කතා, ගැලරිය පිනවීමට මිස වෙන මොනවටද කරන ඒවාද කියා ඕනෑම කොණ්ඩේ බැඳපු චීනෙකුට වුණත් පැහැදිලි වෙනවා. දෙවැනි වරටත් රටේ උසස්ම තනතුර ලබාගැනීමට වලිකන මොහුගේ දේශපාලන දිවියේ අවසාන මාස කිහිපය පෙනි පෙනී ඔහු දැන් වියරු වැටී තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය..! සිරිසේන සිහින මැව්වත් ජනතාව ඒවාට නොරැවටෙනු ඇත.
තමන්ට විශ්වාසද? අර්ජුන් මහේන්ද්‍ර එයි කියලා. දැන් තමයි කඩි කලා වගේ දඟලන්නේ... ඒ මිනිහා දන්නවා අත උඩින් පරදින බව... අලුත් නායකයා බලලා ඉදිරිපත් වෙයි 2020 කලින් ගෙන්වන්න... නැතිනම් වැඩක් නැහැනේ. එල්ලුම් ගහ වගේ තමයි මේකත්.. මේ දෙබස් සේරම ඡන්ද ගැට..., තමන්ගේ බලය නැවත ගන්න. හැම නායකයාම ඔය වගේ ඉස්සර මිනිස්සු රැවටුණා. දැන්, සම්පූර්ණ වෙනස් හරිම අමාරුයි.., වැඩ නොකරන කට්ටියට මහජනයාගේ කැමැත්ත ගන්න.. දැන් හොඳම දේ.., මහින්ද වගේ සවුත්තු වෙන්නේ නැතිව මේ ටික කාලයත් ඉඳලා.... තරුණ නායකයෙකුට, ජනතා කැමැත්ත උඩ රට බාරදීලා විශ්‍රාම යන්න.. සමාජ සේවය කරන්න දේශපාලනයෙන් සමුගන්න.. තවත් පව් රැස් වෙන එක විතරයි..
එතකොට ඇල්ලුම් ගහ ඉවරද? දැන් මහේන්ද්‍රන් නාට්‍ය.
2019 අන්තිම දිහාවේ දැන් මේ අහන කතා 2014 අන්තිම දිහාවෙත් ඇහැව්වා වගේ මට මතකයි. රටකට ඕනෑ... ලා ලා ලා... ඒවා අහනකොටත් ඒ දවස්වල හරි සොමියක් දැණුනා වගේ මතකයි.
සිංගප්පුරු නිතිය අනුව පුරවැසිකම් දෙකක් තියා ගන්න බැහැ. ඒ වගේම වෙනත් රටකට වාසි දායක ලෙස වැඩ කරන්න බැහැ සිංගප්පුරු පුරවැසියෙකුට. ඉතින් අර්ජුන් හරිදේ නේ කරල තියෙන්නේ. පත්වීම් දෙන්න කලින් මේවා හොයා බැලිය යුතුයි.
ඇත්තම කියනවා නම්, අර්ජුන මහේන්ද්‍රන්, ඔබ තරම් හානියක් මේ රටට සිදු කලේ නැහැ.අර්ජුන මහේන්ද්‍රන්ට ප්‍රථමයෙන් එල්ලා මැරිය යුත්තේ කවුරුන්ද කියන බව මේ රටම දන්නවා. එත්, රටේ ව්‍යවස්ථාව අනුව කරගන්න දෙයක් නැතිවයි ඉන්නේ?
අතින් අල්ලාගෙන රතු පලස මතින්ද කැඳවාගෙන එන්නේ.
සේරමලා එකතු වෙලා මෙදා පාර දෙමු චන්දෙ නාගානන්දට එහෙම කලොත් රට කාපු සේරම වැඩි කල් නොයාම විස්වාසේට ඇතුලේ.
මෙයා තමයි ' මං සුදන' ඔක්කොම වැරදිකලේ අගමැති. එතකොට කියන්නකෝ, අර තවම රස්සාවක්වත් නොකළ නිකමෙක් වෙච්ච ඔහේගේ පුතාට අරතරම් වටිනා ගෙයක් කොළඹින් ලැබුණු විදියත්, අර පොත ලියපු දුව හෝටලයක අයිතිකාරයෙක් වුණු විදියත්...
2015 ජනාධිපතිවරණයේදී බොහෝ දෙනෙක් කරූ ජයසූරිය පොදු අපේක්ෂකයා කරන්න කියද්දී එයට විරුද්ධව ඔබව පොදු අපේක්ෂකයා කලේ රනිල් නේද ජනපතිතුමනි රනිල් එහෙම නොකලානම් ඔබතුමාට ජනපතිවීමට තබා අගමැකි වෙන්නවත් බැහැකියල අපිටනම් හිතෙනවා
ඔක්කොම ලෑස්තියි. ෆ්ලයිට් ෆුල් එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. එය විසඳුන ගමන් එක්ක එනවා.
දැන් නම් පිස්සුව හොඳටම වැඩිවෙලා .
මුන්ගේ පච අහල රැවටෙන අය ඉන්නවද බං. මේ මිනිහ ලංකා වේ නෙවෙයිද ඉන්නේ . මිනිහ හිතනවා ඇති ලංකාවේ මිනිස්සු තවමත් මෙයාගේ පච වලට රැවටෙනවා කියල. අම්ම පා තමුන්ගේ රටේ මිනිසුන්ව රවටන පාලකයෝ . වේදිකාවේ කට්ටිය දැකල දුක හිතෙනවා , පක්ෂේත් කෑවා රටත් කෑවා . චුත වෙලා යනවා යන්ඩ
ගම්මන්පිල මහත්තයා කියල තියෙනවා "මහේන්ද්‍රන් අපි කුදලාගෙන එන්නේ කේපී ගෙනාව විදිහටමයි" කියලා. කේපී ගෙනාවා තමයි එ්ත් දුන්න දඬුවමක් නම් නැහැ. එයා දැන් හිටියටත් වැඩිය සන්තෝසෙන් ඉන්න බවයි පෙනෙන්න තියෙන්නේ.
මේ උන්නැහේ පත්කරපු කොමිසමේ වාර්තාවේ හන්ගගත්තු පිටු එළියට දාන්නා බැරි වුනේ මොකද? පළාත්සභා ඡන්දෙ නොතියෙන්න ප්‍රධාන වැරදිකාරයා මෙයා.. නිර්පාක්ෂික ජනාධිපතිවෙලා කෙහෙල්මල් පක්ෂයක් බදාගෙන එ්කේ බලේ අල්ලන්න ඕනේ නිසා ඡන්ද කල් දමදමා හිටියා.. අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් කණ්ණාඩියෙන් මුහුණ බලාගත්තා නම් තමයි හොඳ.. අර හොරෙන් අගමැති කරපු පොරගේ නාදයේ ඉන්න එවුන්ගේ බරපතල මූල්‍ය වංචා නඩු 33ක් නීතිපති ලව්වා යටගස්සලා ඉන්න ඩයල් එකනේ..
"පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය..." නියම දෙයක්නේ අගමැතිතුමා කරලා තියෙන්නේ... කෝටි ගණනක් ඉතුරුවෙන සුදු අලියාව නැතිකරපු එකවෙනුවට දොස් නොකියා එය අගය කරන්න බැරි මොකද?