IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව කොළඹදී සත්‍යග්‍රහයක්

(නිමල කොඩිතුවක්කු) 

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය.

අද පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ මෙම සත්‍යග්‍රහය සඳහා ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

‘‘ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට අනතුරේ‘‘ යන තේමාවෙන් එය ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, දයා ගමගේ ,චන්ද්‍රානි බන්ඩාර, හර්ෂ ද සිල්වා, මුජබර් රහුමාන්, අජිත් පී පෙරේරා, ආංශු මාරසිංහ යන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප : ඉෂාන් සංජීව



අදහස් (8)

ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව කොළඹදී සත්‍යග්‍රහයක්

senarath Wednesday, 21 November 2018 01:41 PM

පසුගිය අවුරුදු 3 රටට වැඩක් කලානම් මෙහෙම සත්‍යග්‍රහ කරන්න ඕනේ නැහැ. බය නැතිව ඡන්දෙට යන්න තිබුනා. දැන් ඡන්දෙ නැවත ගන්නත් සත්‍යග්‍රහ කරනවා .මේවා මාර විහිලුනේ .

:       111       793

aru Wednesday, 21 November 2018 02:11 PM

කාලකණ්ණි ටික එකපාරටම මේ රටින් චුතවෙන්න.

:       45       478

සේනක Wednesday, 21 November 2018 02:56 PM

සත්‍යග්‍රහයක් නෙමෙයි මාරන්තික උපවාස කලත් රටේ ජනතාව තිරණය කරලා ඉවරයි ඊලඟට මොනවාද කරන්න ඕනි කියලා. ඒනිසා නිකම් කාලය අපතේ යවන්නේ නැතිව යන්න.

:       29       387

BamunuarachchiWednesday, 21 November 2018 11:28 PM

නැහැ නැහැ එහෙම කියන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්... එමනිසා මැරෙනතුරුම උපවාස කරන්න අපේ මොරාල් සපෝට් එක දෙමු. අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කව්ද ඉස්සෙල්ලා මක බෑවෙන්නේ කියලා. එයා වෙනුවෙන් මම භූමදානය ලැහැස්ති කරනවා.

:       0       25

Bamunuarachchi Wednesday, 21 November 2018 04:32 PM

රටට කිසිම අනතුරක් නැහැ. එකම අනතුර එන්ජීඕ වලින් බඩවියත රැකගන්නා අය රටට කරන අනතුරු හැරෙන්නට.

:       4       1036

ප්‍රසන්න Wednesday, 21 November 2018 05:38 PM

සත්‍යග්‍රහය හොදයි.. ෆෑන් නැතුව කරානම්.. විනාඩි 5 ක්වත් ඒසී, ෆෑන් නැතුව ඉන්න බැරි අය. ෆෑන් දාගෙන සත්‍යග්‍රහ කරනවා..

:       66       76

sisira Wednesday, 21 November 2018 09:53 PM

රට හූරන්කාපු ලෝක හොරු හැත්තක් කරන මේ ප්‍රෝඩාවන් කරලා ජනතාව තවත් මෝඩයට අන්දන්නයි හදන්නේ... සත්‍යග්‍රහය කියන වචනයටත් නින්දාවක්...

:       0       0

jaya Thursday, 22 November 2018 01:53 AM

මහින්දටම ආවඩන්නේ නැතිව හරි දේ හිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1347 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site